July 27, 2024
ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම Valuation Team Award – RICS South Asia 2023 සම්මානය දිනයි
පුවත්

ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම Valuation Team Award – RICS South Asia 2023 සම්මානය දිනයි

Sep 9, 2023

ශ්‍රී ලංකාවේ තක්සේරු හා උපදේශන සේවා සපයන ආයතන අතර කීරීතිමත් නාමයක් දිනා සිටින ප්‍රතාප් වරලත් තක්සේරු සහ උපදේශන පෙෳද්ගලික සමාගම පසුගියදා රාජකීය වරලත් මිනුම්කරුවන්ගේ සංගමය විසින් පිරිනමනු ලැබූ “Valuation Team Award – RICS South Asia 2023” සම්මානයෙන් පිදුම් ලැබීය.

ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගම සම්මාන උළෙලේ ගෞරවනීය සම්මානලාභීන් 15 දෙනා අතර සිටි එකම ශ්‍රී ලාංකේය සමාගම වීම සුවිශේෂ කරුණකි. ශ්‍රී ලාංකේය සමාගමක් තරගකරුවන් රැසක් අභිබවා මෙම සම්මානය දිනා ගැනීම මෙරට දේ‌පොළ වෙළෙඳාම් සහ තක්සේරු හා උප‌දේශන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි.

මාලදිවයිනේ ‘Velana’ ජාත්‍යන්තර ගුවන් තොටු‌පොළේ ඇති ලොව විශාලම මුහුදු ගුවන් යානා පර්යන්තය සදහා කරන ලද සුවිශේෂ තක්සේරුකරන ව්‍යාපෘතිය මෙම සම්මානය පසුපස ඇති, සමාගමේ විශිෂ්ටත්වය හා නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියයි. මෙම සම්මානය නේවාසික සහ වාණිජ යන කාණ්ඩ දෙකටම අයත් ව්‍යාපෘතිවලට ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගමේ වෘත්තීය ප්‍රවේශය සහ තක්සේරු ක්ෂේත්‍රයට අදාළ ගෝලීය ප්‍රමිතිවලට අනුගත වීමට ඇති කැපවීම තහවුරු කරන ජයග්‍රහණයකි.

“මෙම සම්මානය හුදෙක් ඇගැයීමක් පමණක් නොවෙයි. මෙය ගෝලීය ආයෝජකයන් බල ගැන්වීමේදී අප ඉටු කරන කාර්යභාරය පිළිබඳ සාක්ෂියක්. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වෙමින් සෑම ව්‍යාපෘතියක්ම සාර්ථකත්වයේ මාවත කරා රැගෙන යාම අපේ අරමුණයි. මෙම සම්මානය සමාගමේ දියුණුව උදෙසා කැප වන අප කණ්ඩායමට, පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයට සහ විශිෂ්ටත්වය කරා අප යන ගමනට ලැබුණු උපහාරයක්.” ප්‍රතාප් වරලත් තක්සේරු හා උපදේශන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා වරලත් තක්සේරුකරු ඩී. ප්‍රතාපසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *