July 27, 2024
පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම
පුවත්

පෘතුගීසීන්ලංකාවටපැමිණවසර 500 කටපසුව, ශ්‍රීලංකාවෙන්පෘතුගාලයටබුද්ධප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම

Nov 25, 2023

පෘතුගාලයේ වෙසෙන ශ්‍රී ලාංකික රසික සහ ගයත්‍රී විතානගේ  පවුලේ ඉල්ලිම  මත අස්ගිරි විහාරයේ අනුනායක පූජ්‍ය වෙදුරුවේ ශ්‍රී උපාලි හිමියන්  ශ්‍රී දළදා මාලිගාවෙන් බුද්ධ ප්‍රතිමාවක් පෘතුගාලයේ පිහිටුවා ඇති ථෙරවාද තායි බෞද්ධ ආරාමයක් වන සුමේධාරාම විහාරස්ථානයට පරිත්‍යාග කිරීම සදහා අගෝස්තු මස 1 වැනිදා මහනුවරදී ලබාදෙන ලද්දේ  පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වසර 518කට පසුවය.

මහනුවර  මධ්‍යයේ පිහිටා ඇති අස්ගිරි විහාරය, එහි අධ්‍යාත්මික වැදගත්කම සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කර ඇති දළදා මාලිගාවට ඇත්තේ ඓතිහාසික සම්බන්ධතාවයකි. මෙම   ගැඹුරු සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම හඳුනාගනිමින් රසික සහ ගයත්‍රී දෙපල කළ ඉල්ලීම අස්ගිරි මහා විහාරයේ ගෞරවණීය අනුනායක උපාලි හිමියන් කාරුණිකව අනුමත කරනු ලැබුවේ දෙරටේ සංස්කෘතීන් දෙක අතර නව සබඳතාවයක් සනිටුහන් කිරීමටයි.

මෙම සංස්කෘතික හුවමාරුව සිදුකිරීමට උපාලි හිමියන්ට සහ අස්ගිරි විහාරස්ථානයට ලබාදුන් සහයෝගයට   රසික සහ ගයත්‍රී සිය බලවත් කෘතඥතාව පළකරති. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුහු මෙසේ පවසති. “මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ  ඉතිහාසයට සහ චිරස්ථායි අධ්‍යාත්මිකත්වයට උපහාරයක් පමණක් නොව, අපගේ ජාතීන් දෙක අතර සමගිය සහ අවබෝධය සැමරීමක්. මෙම ඓතිහාසික සංස්කෘතික කර්තව්‍යයට  දායකවීමට ලැබීම අපට ගෞරවයක්. එමෙන්ම මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් වෙදුරුවේ ශ්‍රී උපාලි සහ රාහුල හිමියන් වහන්සේලාටත්, බණ්ඩාරනායක, දසනායක, විතානගේ, සහ දම්මික පවුල්වල හිතවතුන්ටත්, පෘතුගාලයේ පදිංචි ශ්‍රී ලාංකික සංවිධායක කමිටුවේ සාමාජිකයන්ටත් විශේෂ ස්තුතිය පුදකර සිටිනවා. “

පෘතුගාලයේ ථෙරවාද තායි බෞද්ධ පිළිවෙත් සහ ප්‍රජා සහභාගීත්වයේ මධ්‍යස්ථානයක් වන සුමේධාරාම විහාරස්ථානය මෙම විශේෂ බුද්ධ ප්‍රතිමාව පැමිණීම මහත් උනන්දුවෙන් අපේක්ෂා කරන ලදී . ඒ සඳහා විශේෂ පෙරහැරක් ද සංවිධානය කරන ලද අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර සහජීවනයේ සහ සංස්කෘතික සබඳතාවයේ සංකේතයක් බව පවසමින් විහාරස්ථානයේ සංඝ නායක අජාන් වජිර හිමි  පින් අනුමොදනාවක් ද කරන ලදී.

අවබෝධය   සහ සහයෝගිතාව  වර්ධනය කිරීමෙහිලා සංස්කෘතික හුවමාරුවේ බලය පිළිබඳ මෙම සිදුවීම සාක්ෂියකි. එය භූගෝලීය සීමාවන් සහ ඓතිහාසික වෙනස්කම් ඉක්මවා යන හවුල් මනුෂ්‍යත්වය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *