July 27, 2024
කොමර්ෂල් බැංකුව වෙතින් අනුරාධපුරයේ පැවති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයට අනුග‍්‍රහය
පුවත්

කොමර්ෂල් බැංකුව වෙතින් අනුරාධපුරයේ පැවති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයට අනුග‍්‍රහය

Oct 17, 2023

තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් ඉදිරිපත් කරන ලද විනෝදාස්වාද ජනක ඉදිරිපත් කිරීම් ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයට පාත‍්‍ර වූ අතර එමගින් උත්සවයටද විචිත‍්‍ර බවක් එක් විය. එදින දවසේ විශේෂ සිදුවීම වූයේ මහනුවර සුව සෙවණ රෝහල මගින් නොමිලේ වෛද්‍ය කඳවුරක් පවත්වා සහභාගී වූවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය උපදේශන පිරිනැමීමයි. බැංකුවේ ‘යසස’ විශ‍්‍රාම වැටුප් ගිණුම සහ ණය පහසුකම ඇතුළුව ඉතුරුම් සහ ණය පහසුකම් සම්බන්ධයෙන් විශ‍්‍රාමිකයින්ගේ අවශ්‍යතා සාකච්ඡ කිරීමට බැංකුවේ නියේජිතයින් පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *