July 27, 2024
පැල්වත්ත සමාගම International Business Icon සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

පැල්වත්ත සමාගම International Business Icon සම්මානයෙන් පිදුම් ලබයි

Nov 2, 2023

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත සමාගම පසුගියදා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් International Business Icon Award 2023 (IBIA) සම්මානයෙන් පිදුම් ලැබීය. 

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී Medicina Alternativa OIUCM (Alma Ata-1909) සාමාජිකයන් විසින් පැල්වත්ත සමාගම වෙත මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් සෞඛ්‍ය වෘත්තිකයින්, වෛද්‍යවරුන් මෙන්ම මහාචාර්යවරුන් හා ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීය.

Medicina Alternativa යනු 1962 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති හා අරමුණු වලට අනුකූලව පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයක් වන අතර එහි ප්‍රධාන මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. වසර ගණනාවක ඉතිහාසයක් සහිත ආයතනයක් වශයෙන් ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවකයන් හා ප්‍රවීණයන් ඇගැයීම හා ප්‍රවර්ධන කිරීම මෙම සංවිධානයේ අරමුණයි. එසේම Medicina Europe Association සහ Ecumenical Medical Humanitarian Knights of St John යන සංවිධාන ද්විත්වයේ එකඟත්වයෙන් පැල්වත්ත සමාගම මෙම සම්මානය දිනාගැනීම සුවිශේෂි කරුණකි. Medicina Alternativa සංවිධානය මෙම සම්මානය ප්‍රදානය කිරීමේ මූලික අරමුණ වනුයේ වර්තමානයේ ව්‍යාපාරයන්ගේ නායකත්වයේ කැපවීම , දක්ෂතාවය හා දූර්දර්ශිභාවය අගයමින් දිරිමත් කිරීමයි.

මෙම International Business Icon Award 2023 (IBIA) සම්මානය දිනාගැනීම පැල්වත්ත සමාගමේ කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ උසස් තත්ත්වය හා විශිෂ්ටත්වය වෙනුවෙන් කදිම නිදසුනකි. විවිධ නිෂ්පාදන පරාසයන් යටතේ මෙරට පාරිභෝගිකයන් වෙනුවෙන් සිදුකරන දායකත්වය වෙනුවෙන් දිනාගන්නා ලද මෙම ජාත්‍යන්තර සම්මානය සමස්ත පැල්වත්ත සමාගමේ සහයෝගීතාවයේ ප්‍රතිථලයකි. පැල්වත්ත සමාගම විසින් මෙබඳු ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිත සම්මානයන් දිනාගැනීම හරහා ජාත්‍යන්තර ප්‍රජාව තුළ දේශීය කිරි කර්මාන්තය පිළිබඳව අවධානය යොමුවීම සිදුවේ. දිගුකාලීනව පැල්වත්ත සමාගමේ සාර්ථකත්වය සමඟ රැඳිසිටි ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව පැල්වත්ත සමාගමේ මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *