June 23, 2025
ඕසෝන් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් බෝතල් ඇමරිකාවට අපනයනය අරඹයි
පුවත්

ඕසෝන් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් බෝතල් ඇමරිකාවට අපනයනය අරඹයි

Dec 19, 2023

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් ආයතනයක් වන ඕසෝන් මිනරල් වෝටර් එක්ස්පෝර්ට්ස් පෙෳද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයක් වන ඇක්සෝර්න් ලංකා පෙෳද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් ජා වර්ගයේ කුළුබඩු බෝතල් සහ බෝතල් හිස් වැසුම් අඩංගු අඩි 40HQ බහාලුම් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කරන ලදී.

1994දී ඇරඹූ ඕසෝන් මිනරල් වෝටර් එක්ස්පෝර්ට්ස් පෙෳද්ගලික සමාගමේ සහ පසුව ඊට අනුබද්ධව 2011දී ඇරඹූ ඇක්සෝර්න් ලංකා පෙෳද්ගලික සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය උපුල් බී. සෙනරත්, අධ්‍යක්ෂ අරුණ එස්. සෙනරත් හා අධ්‍යක්ෂ නීල් එන්. සෙනරත් යන මහත්වරුන්ගේ අදහස් හා මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකාර රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකාර එම්. ආර්. එන්. රෝහණ කුමාර, සහකාර මහා කළමනාකාර එන්. ක්‍රිෂ්ණකුමාර්, BRRU සම්බන්ධතා කළමනාකාර ජේ. එම්. කේ. එච්. බෝධිරත්න, එරන්ද ඩී. රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ලංකා බැංකු කාර්ය මණ්ඩලය සුවිශාල දායකත්වයක් දැක්වූහ. ඕසෝන් මිනරල් වෝටර් එක්ස්පෝර්ට්ස් පෙෳද්ගලික සමාගම පානීය ජල බෝතල් අපනයනය වසර 30ක සිට සිදු කරන අතර එහි නව දිගුවක් ලෙස ඇක්සෝර්න් ලංකා පෙෳද්ගලික සමාගම අරඹන ලද්දේ මෙම ඇසුරුම් මෙරට නිෂ්පාදනය කිරීම හරහා ආනයනයට වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහාය. මෙම නිෂ්පාදන ජපන් තාක්ෂණය උපයෝගී කර ගනිමින්, නවීන යන්ත්‍රානුසාරයෙන් නිපදවන අතර ආයතනයේ කළමනාකාරිත්වයේත්, කාර්ය මණ්ඩලයේත් ඉහළ කැපවීම නිසා මෙම ව්‍යාපෘතිය විශාල සාර්ථකත්වයක් අත් කර ගෙන ඇත. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය  තව දුරටත් පුළුල් කරමින් ලොව පුරා රටවල් රැසකට මෙම ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපනයනය කරමින් රටට විදේශ විනිමය රැගෙන එමින් මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වීම තම ආයතනයේ අරමුණ බව ආචාර්ය උපුල් බී. සෙනරත් මහතා පැවසීය.

2 Comments

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close