July 27, 2024
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා සුවිශේෂී ණය යෝජනා පැකේජ පිරිනමයි
පුවත්

John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා සුවිශේෂී ණය යෝජනා පැකේජ පිරිනමයි

Dec 19, 2023

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන John Keells Properties සමාගම, Union බැංකුව සමග හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ.  මෙම ණය යෝජනා පැකේජය හරහා පාරිභෝගික භවතුන් හට මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ගේ නිවාස සිහිනය බාධාවකින් තොරව සැබෑ කර ගැනීමට අවස්ථාව සලාස දෙනු ඇත.

වර්තමානයේ පවතින මූල්‍ය වාතාවරණය තුළ, අඩු පොලී අනුපාතිකයන් සහිත ස්ථාවර ආදායම් විකල්පයන් සමග දේපල ආයෝජනයන් සඳහා නිර්මාණය වී ඇති අවස්ථාව සුවිශේෂී වේ. John Keells Properties සමාගම Union බැංකුවේ සහයෝගීතාවය ඇතිව පිරිනමනු ලබන නව ණය යෝජනා පැකේජ තුළින්, අනාගත නිවාස හිමියන්ට සිය මූල්‍ය කටයුතු විවිධ තෝරාගැනීම් හරහා මුල්‍ය විකල්පයන් සලසා ගැනීමට අවකාශය සලසා දෙමින්, ඔවුන්ගේ සිහින නිවසේ ජීවත්වීමේ බලාපොරොත්තුව මල්ඵල ගන්වනු ලබයි.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් John Keells Properties සමාගමේ දේපළ කළමනාකරණ ප්‍රධානී හා  John Keells සමූහ ව්‍යාපාරයේ උප සභාපති රුසිරු අබේසිංහ මහතා මෙසේ පැවසීය.”අපගේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය වර්ධනයට ප්‍රමුඛත්වයක් හිමිවෙන අලුත් විසඳුම් ලබා දෙමින්, ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ජීවන රටාවට බලපෑමක් ඇති නොවන අයුරින් අනාගතය සඳහා ආයෝජනය කිරීමට සහාය ලබා දීම සඳහා John Keells Properties සමගම දක්වන කැපවීම මෙම සහයෝගීතාවය මගින් ඉස්මතු වෙනවා. හරිත වටපිටාව සහ තිරසර ජීවන රටාවක් සහිත, සෞන්දර්යාත්මක ජීවන අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ඇති විමන් නිවාස ව්‍යාපෘතිය, ජා-ඇළ ජීවන රටාව නව මානයකට යොමු කරමින් සහ ප්‍රජාවට සාමකාමී පරිසරයක අත්දැකීමක් ලබා දෙන අතර, පාරිභෝගික භවතුන් හට සිය නිවාස ආයෝජනය සඳහා අද්විතීය වූ පරිවර්තනයක් ඇති කර දීමට සමත්ව ඇත.

Union බැංකුවේ මූල්‍ය සේවා ජ්‍යෙෂ්ඨ උප සභාපති චායා ජයවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසීය. ”නවීන ජීවන රටාවට සැබෑ ලෙසම අරුතක් ලබා දෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා JKP සමගින් එක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපි ජා -ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා නම්‍යශීලී සහ විසඳුම් සහිත ශක්තිමත් ණය යෝජනා ක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. එය අපේක්ෂාවෙන් සිටින නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට මෙම කාලය වඩාත් සුදුසු කාලයක් බව අපි විශ්වාස කරනවා. අපගේ නව මූල්‍ය විකල්පයන් හරහා ගණුදෙනුකරුවන්ට පහසුවෙන් නිවාස හිමිකාරීත්වය ලබා දීමට හෝ ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට බලපෑමක් ඇති නොවන අයුරින් ඔවුන්ගේ ආයෝජන පුළුල් කිරීමට හැකි බවට සහතික කර තිබෙනවා.”

ජා-ඇළ නගර මධ්‍යයේ අක්කර 6ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ‘විමන්’ නිවාස ව්‍යාපෘතිය මහල් නිවාස 418 කින් සමන්විත වේ. සශ්‍රීක හරිත වටපිටාවක් සහ සූර්ය බලශක්තිය ඇතුළු වැඩිදියුණු කරන ලද පහසුකම් රැසක් සමගින් කුඩා නාගරික පසුබිමක චමත්කාරය දනවන ජීවන අත්දැකීමක් ලබා දීම මෙම නිවාස ව්‍යාපෘතියේ අරමුණ වේ.

මෙම නිවාස ව්‍යාපෘතියේ පිහිටීම උපායමාර්ගිකව සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ වීමේ සබඳතාවය ඇතිව වීම විශේෂත්වයකි. සුපිරි වෙළඳසැල්, ආපනශාලා, පාසල් සහ රෝහල් ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ව්‍යාපෘතිය මගින් ගැනුම්කරුවන් සඳහා ප්‍රතිලාභ රැසක් සපයා දෙනු ඇත.

තිරසර හා ප්‍රජා කේන්ද්‍රීය වූ නිවාස සංවර්ධනයන්හි මිණුම් අගයන් අඛණ්ඩව ඉහළ නැංවීම John Keells Properties හි අරමුණයි. නිවාස මූල්‍යකරණ විකල්පයන්ට පහසුකම් සැලසීම තුළින් පාරිභෝගික භවතුන්ගේ අපේක්ෂාවන් වෙත ප්‍රමුඛත්වය ලබා දීම සඳහා සිය කැපවීම මෙම සහයෝගීතාවය හරහා යලි අවධාරණය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *