July 27, 2024
NOLIMIT ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රය තුළ තව තවත්  ස්ථාවර වෙයි
පුවත්

NOLIMIT ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රය තුළ තව තවත්  ස්ථාවර වෙයි

Nov 10, 2023

ශ්‍රී ලංකාවේ විශාලතම මෙන් ම වඩාත් ජනප්‍රියතම ඇඳුම්  අලෙවිකරුවා වන  NOLIMIT, ගෝලීය ඇඳුම් මෝස්තර ක්ෂේත්‍රය තුළ  ස්ථාවර වෙමින්,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  3 වන ප්‍රදර්ශනාගාරය පසුගිය දා ආරම්භ කළා. අබුඩාබි හි  Al Wahda සාප්පු සංකීර්ණයේ  විවෘත කළ මෙම NOLIMIT ප්‍රදර්ශනාගාරය  මගින් පාරිභෝගික ජනතාවට  නවතම  පිරිමි සහ කාන්තා ඇඳුම් මෝස්තර ඇතුළු ව විව්ධත්වයෙන් යුත් තවත් නිෂ්පාදන රැසක් ලබා දීමට කටයුතු කරනවා.

2022 ඔක්තෝම්බර් මාසයේ දී ඩුබායි රාජ්‍යයේහි  පළමු ප්‍රදර්ශනාගාරය ආරම්භ කිරීමෙන් තම ජාත්‍යන්තර ඇඳුම් මෝස්තර ක්ෂේත්‍රය වෙත පිවිසුණු NOLIMIT, තම  දෙවන ප්‍රදර්ශනාගාරය ඩුබායි රාජ්‍යයේ Deira City Centre,හි දී ආරම්භ කළා. ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන සහ නවීන ඇඳුම් මෝස්තර සඳහා උනන්දුවක් දක්වන ජනතාවගේ නවීන ඇඳුම් මෝස්තර අවශ්‍යතා සඳහා විසඳුම් ලබා  දෙමින් NOLIMIT ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය ප්‍රධාන දේශීය  වෙළෙඳ නාමයක් බවට පත් කිරීම  මෙම  3 වැනි NOLIMIT ප්‍රදර්ශනාගාරය අබුඩාබි හි විවෘත කිරීමේ ප්‍රධානතම අරමුණක්. පාරිභෝගික ජනතාවගේ  වෙනස් වන අවශ්‍යතා පිළිබඳ හොඳ අවබෝධයකින් යුතු ව ක්‍රියාත්මක වන NOLIMIT, තම ගනුදෙනුකරුවන්ගේ විවිධත්වයෙන් යුත් අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙමින්, පුළුල් පරාසයක ඇඳුම් මෝස්තර හඳුන්වා දීමට කටයුතු කරනවා.

“අපගේ පාරිභෝගික ජනතාව වෙත නවතම ඇඳුම් මෝස්තර ගෙන ඒමට හැකි වීම පිළිබඳ ව අපි ඇත්ත වශයෙන් ම සතුටට පත් වෙනවා.  එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ  NOLIMIT ආයතනය අති සාර්ථක ව ක්‍රියාත්මක  වෙනවා. ඒ වගේ ම  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාර 3 ම හරහා   අපගේ ගනුදෙනුකරුවන්ගේ නවීන ඇඳුම් මෝස්තර අවශ්‍යතාවලට ගැළපෙන  විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලාංකේය විලාසිතා නාමය ගෝලීය වශයෙන්  ප්‍රචලිත කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. එසේම NOLIMIT ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ලෝකයේ විවිධ විලාසිතා අත්විඳිය හැකි වනවා.” යනුවෙන් මෙම ජයග්‍රහණය  පිළිබඳ ව අදහස් දක්වමින් NOLIMIT කණ්ඩායම පැවසුවා.

NOLIMIT  වසර 30කට වැඩි කාලයක් පුරා පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින්, ගෞරවාදරයට පාත්‍ර වූ වෙළෙඳ නාමයක්.  LMD විසින් 2023 ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන (Most Respected Entities) අතරට ශ්‍රේණිගත කළ NOLIMIT,  2009 සිට 2021 දක්වා කාලය තුළ පාරිභෝගික ජනතාවගේ ‘වඩාත් ආදරය දිනා ගත්  වෙළෙඳ නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වුණා. 2017 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ වැඩ කිරීමට හොඳ ම සමාගම් 25 අතරින් එකක් ලෙස තේරී පත් වෙමින් Great Place to Work® සම්මානය දිනා ගැනීමට සමත් වුණු  NOLIMIT, JASTECA Taiki Akimoto 5S සම්මාන උලෙළේ දී  මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහාත්  සම්මාන දිනා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *