
වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව නව වැනි වරටත් සාර්ථකව ලේ දන් දීමේ වැඩසටහනක් පවත්වයි
ස්වර්ණාභරණ අලෙවි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් නව වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන පසුගියදා ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්විණි. කොළඹ නැගෙනහිර රොටරි සමාජය සහ CfPS නීති පාසලේ Rotaract සමාජය සමග ඒකාබද්ධ වී දියත් කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, වෛද්‍යවරුන්ගේ, හෙද නිලධාරීන්ගේ, වැල්ලවත්ත පොලිසියේ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ තවත් බොහෝ දෙනෙකුගේ සහයෝගය හිමි විය. ප්‍රදේශවාසීන් ඇතුළු පරිත්‍යාගශීලීන් 150කට ආසන්න පිරිසක් වැඩසටහනට පැමිණ සිටි අතර ඒ අතරින් 100කට අධික පිරිසක් ලේ දන් දීම සඳහා සුදුසුකම් ලැබුහ. ලේ දන් දුන් සියලුම දෙනාට සිහිවටනයක් ලෙස වටිනා ඡායාරූපයක් පිරිනැමීමට සුජීවා මහත්මිය ප්‍රමුඛ නිත්‍යකල්‍යාණි ජුවලරි කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබිණි. සමස්ත වැඩසටහන සහ පරිත්‍යාගශීලීන්ට දුන් තිළිණ පිළිබඳව පැමිණ සිටි සියලු දෙනාගේ ප්‍රශංසාව හිමි විය.
“අප විසින් සිදු කරනු ලබන සමාජ සත්කාර රැසක් අතරින් එකක් වන මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙවරත් අති සාර්ථක ලෙස පවත්වන්නට හැකි වුණා. එළැඹෙන වසරේදීත් මෙම වැඩසටහන පවත්වන්නට අප බලාපොරොත්තු වෙනවා.” වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී සහ නැගෙනහිර කොළඹ රොටරි සමාජයේ සභාපති ඒ. පී. ජෙයරාජා මහතා සඳහන් කළේය. ආයතනික සමාජ වගකීම මැනවින් හඳුනා ගෙන ඇති වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි නිරන්තරයෙන් සමාජ සහ ප්‍රජා සත්කාර වැඩසටහන් සංවිධානය කරයි. වෙරළ තීරය පිරිසුදු කිරීමේ කටයුතු, ආගමික ස්ථාන නවීකරණය සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට දායකත්වය දැක්වීම ඒ අතරින් ප්‍රධාන වේ. ඔවුන් මෑතකදී සෞඛ්‍ය සේවකයන් සහ වැල්ලවත්ත නගරයේ පවිත්‍රතා කටයුතුවල නිරත සේවක සේවිකාවන් ඇගැයීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.