September 13, 2025
නෙවර් බැක් සෙකියුරිටි සමාගම හා එහි සභාපති ආචාර්ය සම්පත් අබේසිංහ Pinnacle සම්මාන දිනයි
පුවත්

නෙවර් බැක් සෙකියුරිටි සමාගම හා එහි සභාපති ආචාර්ය සම්පත් අබේසිංහ Pinnacle සම්මාන දිනයි

May 24, 2024

මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු වන නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම වසරේ විශිෂ්ටම ආරක්ෂක සේවා සැපයුම්කරු ලෙසත්, එහි සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ, විශ්‍රාමික කපිතාන්, ආචාර්ය සම්පත් අබේසිංහ (PhD, MBA, LLB) වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා (ආරක්ෂක සේවා) ලෙසත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය. 15 6/6, කින්ස් කෝට්, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, කොළඹ 05 ලිපිනයේ පිහිටි නෙවර් බැක් සෙකියුරිටි සමාගම 2013දී ඇරැඹිණි. ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 14ක සේවයෙන් ලැබූ අත්දැකීම් සහ දැනුම සමඟ අබේසිංහ මහතා ඇරඹූ එම සමාගම ආරක්ෂක සේවා සැපයුම්කරුවෙකු ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචිය සහ එම අමාත්‍යංශයෙන් ලැබිය යුතු සියලු අනුමැති ලබා ඇත. ඉතා කෙටි කාලයකින් හිටපු හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ශාඛා ජාලයක් දිවයින පුරා ස්ථාපනය කර සිය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ සේවා සැපයීමට එම සමාගමට හැකි වී තිබේ.

නෙවර් බැක් සමාගම සපයන සේවා අතර ශරීර ආරක්ෂක නිලධාරීන්, ආයුද සහිත හෝ රහිත ආරක්ෂාව, ස්ථානීය ආරක්ෂක සේවා, විමර්ෂණ, ගිනි නිවීම් සේවා, VIP හා VVIP සේවා, ආරක්ෂක කැමරා පද්ධති, පුහුණු ප්‍රතිපත්ති සකස් කිරීම සහ මෙහෙයුම් සමාලෝචනය ප්‍රධාන වේ. සිය කාර්ය මණ්ඩලයේ එදිනෙදා ක්‍රියාකාරකම් අනුව පාරිභෝගිකයන්ට සපයන සේවාවල ගුණාත්මක බව තීරණය වන බැවින් කාර්ය මණ්ඩලය ආයතනයේ අරමුණු අනුව කටයුතු කරන බව නෙවර් බැක් සෙකියුරිටි සමාගම සෑම විටම සහතික කරයි. නෙවර් බැක් සෙකියුරිටි පෞද්ගලික සමාගම නෙවර් බැක් සමූහයේ ප්‍රධාන අනුබද්ධිත සමාගම්වලින් එකකි. සිලෝන් ස්පයිසස් එන් බී, සිලෝන් චැරිටි ෆවුන්ඩේෂන්, සිලෝන් ක්වාට්ස් ඇන්ඩ් ෆෙල්ඩ්ස්පාර් එන් බී, සිලෝන් ෆොරින් ඒජන්සි, එන් බී ඔටෝ ස්පා සර්විසස්, නෙවර් බැක් මැරිටයිම් සර්විසස්, නෙවර් බැක් ජැනිටෝරියල් සර්විසස් සහ සෙකියෝ ලංකා සෙකියුරිටි යන පෞද්ගලික සමාගම් එම සමූහයට අයත් වේ.

1 Comment

  • I am really impressed together with your writing talents and also with the layout
    for your blog. Is that this a paid subject
    matter or did you customize it yourself? Either way stay up the nice
    high quality writing, it’s rare to see a nice blog like this one today.
    TikTok ManyChat!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close