January 13, 2025
මෙල්වා සමාගම දිවයින පුරා බක් මහ උළෙලවල් රැසකට පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි
පුවත්

මෙල්වා සමාගම දිවයින පුරා බක් මහ උළෙලවල් රැසකට පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි

May 24, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කර ගෙන බක් මහ උළෙලවල් රැසක් දිවයින පුරා සංවිධානය කරන ලදී. දේශීය සම්ප්‍රදායට අනුව ඉපැරණි සිරිත් විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවිධානය කර තිබූ මෙම බක් මහ උළෙලවල් ජන ක්‍රීඩා රැසකින් වර්ණවත් විය. අකුරැස්ස, ගාල්ල, මිද්දෙණිය, බදුල්ල, මොණරාගල, අම්පාර, පොළොන්නරුව, තඹුත්තේගම, අනුරාධපුර, පුත්තලම, රාජාංගනය, කුරුණෑගල, ගම්පහ, වීරකැටිය, දෙනියාය, හපුතලේ, දම්පන, කොත්මලේ, සිරිපුර, කැකිරාව, කොබෙයිගනේ, කෑගල්ල, තවලම සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල මෙම බක් මහ උළෙලවල් සංවිධානය කර තිබිණි.

දේශීය අනන්‍යතාවට නිරන්නරයෙන් ප්‍රමුඛතාව සපයන මෙල්වා සමාගම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙලෙස බක්මහ උළෙලවල් රැසක් සඳහා සංවිධානය කිරීමේ මූලික අරමුණ වූයේ ග්‍රාමීය හා නාගරික වශයෙන් ජනතාව තුළ සමගිය, එකමුතු බව ප්‍රවර්ධනය කිරීමයි. චිරාත් කාලයක් පුරා සිංහල සහ දෙමළ සංස්කෘති පදනම් කර ගෙන පැවත එන ජන ක්‍රීඩාවලට ප්‍රමුඛතාව පිරිනමමින් මෙම බක් මහ උළෙවල් සංවිධානය කර තිබූ අතර අනාගත පරපුරට එම අතීත උරුමය හ‍ඳුන්වා දීමද මෙහි මූලික අරමුණකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සමාජ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය සඳහා සිය දායකත්වය නිරන්තරයෙන් සපයන අතර සිය ආයතනික සමාජ මෙහෙවරේ තවත් එක් ප්‍රධාන අංගයක් ලෙස මෙම බක් මහ උළෙලවල් සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සැපයීය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද, වෙසක්, දීපවාලී,  තෛපොංගල්, නත්තල්, රාමසාන් ආදී ආගමික සහ ජාතික උත්සව අරමුණු කරගෙනද මෙල්වා සමාගම මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාවට නගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close