
NDB බැංකුව සිය යොවුන් ගිණුම NDBPixel පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් බිෂොප් විද්‍යාලය සමඟ සම්බන්ධ වෙයි
NDB බැංකුව ඔවුන්ගේ නවතම යොවුන් බැංකු ගිණුම වන NDB Pixel හරහා වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යෞවන යෞවණියන් අතර මූල්‍ය සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම සඳහා පසුගිය දා කොළඹ බිෂොප් විද්‍යාලය සමඟ හවුල්විය. මෙම හවුල්කාරිත්වය, ඩිජිටල් මූල්‍ය පරිසරයක් තුළ වඩ වඩාත් වර්ධනය වීමට අවශ්‍ය මෙවලම් හා දැනුම සමඟ ඊළඟ පරම්පරාව පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරයි.
මෙම සහයෝගීත්වයේ ප‍්‍රධාන වැඩසටහන වූයේ බිෂොප් විද්‍යාලීය ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් වෙනුවෙන් NDB බැංකුව විසින් සංවිධානය කරනු ලැබූ සුවිශේෂී දැනුවත් කිරීමේ සැසියයි. මෙම සැසිය, NDB Pixel යොවුන් ගිණුමේ විශේෂාංග සහ එහි ප‍්‍රතිලාභයන් පිළිබඳ දැනුවත් කළ අතර, දෙමාපියන්ට හෝ භාරකරුවන්ට සිය දරුවන්ගේ මූල්‍ය වගකීම් පිළිබඳ SMS පණිවිඩ හා විද්‍යුත් ප‍්‍රකාශන (e-Statements) හරහා ක්ෂණිකව අධීක්ෂණය කිරීමට හැකියාව ලබාදෙමින් NDB Pixel ගිණුම මඟින් සිසුන්ට මූල්‍ය වගකීම් දැරීමේ පළමු පියවර ගැනීමට ඔවුන්ට සවිබල ලබාදීමේ ආකාරය ඉස්මතු කරයි.
NDB Pixel යනු වයස අවුරුදු 13ත් 17ත් අතර පසුවන යොවුන් වයසේ ගනුදෙනුකරුවන් සඳහාම පමණක් නිර්මාණය කරන ලද ගිණුමකි. මෙය හුදෙක් ඉතුරුම් ගිණුමක් පමණක් නොව ඩිජිටල් මාධ්‍යයන් හරහා ස්මාර්ට් ඉතුරුම් සහ වියදම් පුරුදු සඳහා සිසුන් දිරිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාවය ගොඩනැංවීම සඳහා නිර්මාණය කළ බැංකුකරණ විසඳුමකි. NDB මොබයිල් බෑංකින් පහසුකම සහ ඩෙබිට් කාඞ්පතකින් සමන්විත වූ මෙම ගිණුම හරහා යෞවනයන්ට ඉතාමත් ආරක්ෂිත සහ මනා පාලනයකින් යුතු පරිසරයක් තුළ ඔවුන්ගේ මුදල් කළමණාකරනයේ අත්දැකීම ප‍්‍රායෝගිකව ලබාගත හැක.
බිෂොප් විද්‍යාලයට පමණක්ම වෙන්වූ සුවිශේෂී පිරිනැමීමක් ලෙස NDB බැංකුව, යොවුන් ගණුදෙනුකරුවන් සඳහා වඩාත් ආකර්ශණීය සහ ඔවුන් සඳහාම නිර්මාණය වූ සැබෑ බැංකුකරණ අත්දැකීමක් නිර්මාණය කරමින්, සිසුන් සඳහාම වෙන්වූ ආකර්ෂණීය ඩෙබිට් කාඞ්පතක් හිමිකර ගැනීමේ අවස්ථාවද මෙමඟින් හිමිවේ.
මෙම මුලපිරීම හරහා, NDB බැංකුව කුඩා කල සිටම මූල්‍ය අධ්‍යාපනය සහ එහි හරය වෙනුවෙන් පෙනී සිටිමින් යෞවනයන් සවිබල ගැන්වීමේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස සිය කාර්යභාරය නැවත වරක් තහවුරු කරයි. NDB Pixel හරහා ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැනුවත් ලෙස වගකීම් සහගතව සිය මූල්‍ය තීරණ ගන්නා පුරවැසියන් බවට පත්කිරීමට NDB බැංකුව කැපවී සිටියි.