September 12, 2025
ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු වඩා පහසු කිරීම සඳහා NDB බැංකුව ACCHE ආයතනය සමඟ සම්බන්ධ වෙයි
පුවත්

ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ විදේශ අධ්‍යාපන කටයුතු වඩා පහසු කිරීම සඳහා NDB බැංකුව ACCHE ආයතනය සමඟ සම්බන්ධ වෙයි

Sep 11, 2025

විදේශීය අධ්‍යාපන වරම් උදාකරගැනීමට සූදානම් වන ශ‍්‍රී ලාංකීය සිසු සිසුවියන් වෙනුවෙන් සහ ඒ සඳහා කැපවන ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙනුවෙන් එම කටයුතු තවත් පහසු කිරීමේ අරමුණින් NDB බැංකුව, පසුගියදා ACCHE (Academy of Career Counselling Higher Education)  අධ්‍යාපන ආයතනය සමඟ සම්බන්ධ වීම පිළිබඳව සතුටින් නිවේදනය කර සිටී. ඒ වෙනුවෙන් නිල අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීමේ අවස්ථාව පසුගිය අගෝස්තු මස 25වන දින පැවැත්විණි.

NDB බැංකුව වෙනුවෙන් පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති –  සංජය පෙරේරා මහතා සහ පුද්ගලික බැංකුකරණ පිළිබඳ උප සභාපති – සෙයාන් හමීඞ් මහතා මෙන්ම ACCHE ආයතනයේ අධ්‍යක්ෂ අරුණ මොරගොඩ මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් කරන ලදී.

මෙම හවුල්කාරිත්වය හරහා,  ඕස්ට‍්‍රලෙියාව, නවසීලන්තය, එක්සත් රාජධානිය, කැනඩාව, සිංගප්පූරුව, මැලේසියාව සහ තෝරාගත් තවත් යුරෝපීය රටවල් කිහිපයක් ඇතුළු ප‍්‍රමුඛ පෙළේ ගෝලීය ගමනාන්තයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් හට පුළුල් අධ්‍යාපනික සහ මූල්‍ය පහසුකම් පැකේජයක් හරහා ප‍්‍රතිලාභ රැසක් හිමිකරදෙනු ඇත.

අධ්‍යයන කාලය පුරාවට අවශ්‍ය වන විශ්ව විද්‍යාල ගාස්තු, ජීවන වියදම්, විදේශ පේ‍්‍රෂණ සහ මූල්‍ය උපදේශන ආවරණය වන පරිදි සැකසූ විධිමත් විසඳුමක් සපයමින්, NDB බැංකුවේ Student File යෝජනාව මෙම මුලපිරීමේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.  සියලූ කටයුතු සඳහා එක සම්බන්ධතා ස්ථානයක් හරහා මෙහෙයවෙන ඒ වෙනුවෙන් කැපවූ Elavate නිලධාරීන්, දෙමාපියන් සහ සිසුන් හට සිසුන් වෙනුවෙන්ම නිර්මාණය වූ සහ අපහසුවකින් තොර බැංකු අත්දැකීමක් ලබා දීම තවදුරටත් සහතික කරයි.

2006 වසරේ සිට විශ්වාසදායක සහ පිළිගත් විදේශ අධ්‍යාපන උපදේශකයෙකු ලෙස ACCHE අධ්‍යාපන ආයතනය ශ‍්‍රී ලාංකිකයින් දස දහස් ගණනකට ඔවුන්ගේ විදේශ අධ්‍යාපන අවශ්‍යතා සඳහා මඟ පෙන්වමින්, ඒ සඳහා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීම සහ වීසා ලබාගැනීම පිළිබඳ විශේෂඥ උපදේශන සේවා ලබා දීම සිදු කරනු ලැබේ. NDB බැංකුව සහ ACCHE ආයතනය එක්ව, සිසුන්ට නිවැරදි අධ්‍යාපන මාර්ග පමණක් නොව, විශ්වාසයෙන් යුතුව මෙම ගමන ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහතිකය සහ පහසුව ද ලබා දීම අරමුණු කරයි.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා පවසා සිටියේ  “අධ්‍යාපනය යනු පවුලකට කළ හැකි වැදගත්ම ආයෝජන වලින් එකක් වන අතර, විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඔවුන්ගේ බලපොරොත්තු බාධාවකින් තොරව ඉටු කරගැනීමට උපකාරක ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ACCHE අධ්‍යාපන ආයතනය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. NDB බැංකුවේ Student File හරහා, දෙමාපියන්ට සහ සිසුන්ට විදේශීය අධ්‍යාපන අත්දැකීම් ලබා ගැනීමට ප‍්‍රවේශය ලබා ගැනීමේදී කාර්යක්ෂමව සහ බාධාවකින් තොරව ආරම්භයේ සිට අවසානය දක්වාම මූල්‍ය විසඳුම් ලබා දීමට අපට හැකියාව ඇත.” යනුවෙනි.

මෙම හවුල්කාරිත්වය, සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සිය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් බලගැන්වීමේ NDB බැංකුවේ පුළුල් කැපවීමේ තවත් පියවරක් වන අතර ජීවිතයේ සෑම අදියරකදීම විශ්වාසනීය බැංකු සහකරුවෙකු ලෙස නිරතුරුවම ඔබ සමඟින් සිටියි.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close