July 27, 2024
NCHS-Swinburneතාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී
පුවත්

NCHS-Swinburneතාක්ෂණ විශ්ව විද්‍යාලයේ 2023 උපාධි ප්‍රධානෝත්සවය BMICH හි දී

Nov 22, 2023

නවලෝක උසස් අධ්‍යයන ආයතනය (NCHS), Swinburne (ස්වින්බර්න්) තාක්ෂණ විශ්ව විද්‍යාලය සමඟ එක්ව 2023 වසරේ උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 1 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

“දැනුම හඹා යෑම උපතේ සිට මරණය දක්වාම කරගෙන යා යුතු දෙයක් වන අතර එය අපගේ අනාගත පැවැත්මට බෙහෙවින්ම ඉවහල් වෙනවා. NCHS ඔබව දිනෙන් දින වෙනස් වන ගෝලීය ප්‍රවණතාවන් වෙනුවෙන් සූදානම් කරනවා වගේම ශක්තිමත්ව සහ නොනවත්වා ඉදිරියට යාමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබාදෙනවා.” යනුවෙන් මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

ඕස්ටේ්‍රලියාවේ Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බ්‍රොන්ටේ නෙයිලන්ඩ්, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ අධ්‍යයන පීඨාධිපති ආචාර්ය ඇලන් රොබට්සන් සහ නවලෝක උසස් අධ්‍යයන ආයතනයේ උප සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී වික්ටර් රමනන් ඇතුළු සම්භාවනීය අමුත්තන්, උපාධිලාභීන්ගේ පවුල් වල අය සහ සුභ පතන්නන් මෙම උත්සව අවස්ථාවට එක් විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධි ප්‍රදානය කරන ලද අතර එදින රාත්‍රියේ උපාධි ප්‍රධානෝත්සවය නිමිත්තෙවන් ප්‍රිය සම්භාෂණයක් ද සංවිධානය කර තිබුණි.

“ඔබට හිමි Swinburne සුදුසුකම සහතිකයකට එහා ගිය දැනුම් සම්භාරයක්. Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ඔබව අනාගතය වෙනුවෙන් සන්නද්ධ කිරීමට සහ රැකියා අවස්ථා වෙත යොමු කිරීමට විවිධ කර්මාන්ත සහ අනාගත සේවා යෝජකයන් සමඟ සමීපව කටයුතු කරනවා. ඔබ අද උපාධිය ලබා ගන්නේ ඔබේ විෂයයන්, නවීන කුසලතා සහ ීඅසබඉමරබැ වෙතින් ඔබ ලබාගෙන ඇති සුවිශේෂී ගුණාංගයන් පිළිබඳ ගැඹුරු දැනුමක් සමඟින් සහ ක්ෂේත්‍ර තුළ කැපීපෙනෙන වෘත්තිකයෙකු ලෙසයි.” යනුවෙන් Swinburne තාක්ෂණ විශ්ව විද්‍යාලයේ  උපකුලපති සහ සභාපති Pascale G. Quester ප්‍රකාශ කළේය.

“මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සුදුසුකම් සහ කුසලතා ඇති අයයි. ඔබ ගුණාත්මක දැනුමකින් පරිපූර්ණ නිසා වඩා හොඳ අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් වෙර දරණ ඔබේ රටට ඔබ ඔබගේ උපරිම දායකත්වය ලබාදෙන්න.” යනුවෙන් ශ්‍රී ලංකාවේ ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මෙහිදී පැවසීය.

කොළඹ නගර මධ්‍යයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ ද පිහිටා ඇති NCHS ශ්‍රී ලංකාව ආසියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. එමගින් දරුවන්ට නිවසේ සිටම අධ්‍යාපනය ලබන්නාක් මෙන් වඩාත් පහසුවෙන් තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පහසුකම් සලසන අතර මෙහි අතිනවීන ඉගෙනුම් පහසුකම් සිසුන්ට ජාත්‍යන්තර අධ්‍යන අත්දැකීමක් තිළිණ කරයි.

NCHS එක් එක් ශිෂ්‍යයාගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කර ඇති සුවිශේෂී ප්‍රතිලාභ ද ලබා දෙයි. සිසුන්ට ඔවුන්ගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග අවසන් වූ පසු තමන් කැමති වැඩසටහනක් සඳහා ලියාපදිංචි විය හැකිය.

NCHS හි ප්‍රාරම්භක වැඩසටහනක් සම්පූර්ණ කිරීමෙන් පසු, සිසුන්ට Hawthorne, Australia හෝ Malaysia හි Swinburne කැම්පස් වල තමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන උපාධිය තෝරාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *