July 27, 2024
නේචර්ලැක් පේන්ට් සමාගමSLIM SMEDA රිදී සම්මාන දිනයි
පුවත්

නේචර්ලැක් පේන්ට් සමාගමSLIM SMEDA රිදී සම්මාන දිනයි

Oct 2, 2023

දේශීයව තීන්ත නිෂ්පාදනය කර අලෙවි කරන නේචර්ලැක් පේන්ට් සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන 2022 (SLIM SMEDA)  සම්මාන උළෙලේදී ඉදිකිරීම් අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය  (SLIM)   සංවිධානය කළ සම්මාන උළෙල පසුගියදා කොළඹ මොනාක් ඉම්පීරියල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශකයකට වැඩි කාලයක් පුරා මෙරට අලෙවි කටයුතු සිදු කරන නේචර්ලැක් පේන්ට් සමාගම මෙතෙක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල පමණක් අලෙවි කළ නේචර්ලැක් නිෂ්පාදන දැන් දීප ව්‍යාප්ත අලෙවි ජාලයක් ඔස්සේ රටේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනෙකුට පහසු මිලකට ගෙන්වා ගැනීමට හැකිය. 2011දී සේවකයන් දෙදෙනෙකුගෙන් ඇරඹූ නේචර්ලැක් සමාගම ඉතා සාර්ථක ගමනක් පැමිණ ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදනවලට විශාල පාරිභෝගික ආකර්ෂණයක් ලැබී ඇත. එමල්ෂන්, වෙදර්ගාර්ඞ්, වෝටර් ප්රූෆින්, රූෆින්, වෝල් ෆිලර්ස්, වෝල් පොටි, ස්කිම් කෝට්, එනමල්, ෆ්ලෝ පේන්ට්, වාර්නිෂ්, සීලර්, ඇන්ටිකොරෝසිව් සහ මෙටල්ප්‍රයිමර් වැනි තීන්ත ආලේපන වර්ග රැසක් වර්ණ සිය ගණනකින් නේචර්ලැක් උඩුගම්පොළ කර්මන්ත ශාලාවේ නිපදවයි.

“අපේ නිෂ්පාදනවල සුවිශේෂත්වය වන්නේ ඉහළ ප්‍රමිතිය සහ අනෙක් නිෂ්පාදනවලට වඩා විශාල ලෙස මිල අඩු වීමයි. හොඳම තීන්ත අඩුම මිලට ලබා දෙන නිසා වසර 11කට පෙර තීන්ත මිල දී ගත් පාරිභෝගිකයන් පවා තවමත් අපි ළඟට එනවා. ඒක තමයි අපේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ පහසු මිල ගැන දෙන්න පුලුවන් හොඳම සාක්ෂිය. පාරිභෝගික විශ්වාසය සහ ආකර්ෂණය ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා තමයි අපිට මේ සම්මානය දිනා ගන්න හැකි වුණේ. රට පුරා විවිධ ප්‍රදේශවලින් අපිට ඇණවුම් ලැබෙනවා. වර්තමානයේදී දේශීය වෙළෙදපොලෙන් එහාට යමින් අපි මාලදිවයිනට පවා අපනයනය සිදු කරනවා. මේ ජයග්‍රහණය ලබන්න සහාය දුන් පාරිභෝගිකයන් සහ කාර්ය මණ්ඩලය විශේෂයෙන් සිහිපත් කරන්න අවශ්‍යයි.” නේචර්ලැක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර වෙල්ලාල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *