July 4, 2026
WiNE Forum 2026 සමඟ එක් වී කාන්තා ඉංජිනේරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට Melwa අනුග්‍රහය
පුවත්

WiNE Forum 2026 සමඟ එක් වී කාන්තා ඉංජිනේරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට Melwa අනුග්‍රහය

Jul 4, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයකු හා ඉංජිනේරු විසඳුම් සපයන්නකු වන Melwa සමාගම ජාත්‍යන්තර කාන්තා ඉංජිනේරු දිනය නිමිත්තෙන් Institution of Engineers Sri Lanka (IESL) සංවිධානය කළ Women in Engineering (WiNE) Forum 2026 සඳහා අනුග්‍රහය දක්වමින් මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් තැබීය. පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ඉංජිනේරු සිසුන්, ආචාර්යවරුන්, වෘත්තිකයන් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් එක් කළ මෙම වැඩසටහන දැනුම හුවමාරු කර ගැනීම, නායකත්ව කුසලතා වර්ධනය හා වෘත්තීය ජාලගත වීම සඳහා වටිනා වේදිකාවක් විය. වැඩසටහන සැසි තුනකින් සමන්විත වූ අතර පෙරවරුවේ පැවැති සැසිවලදී පාසල්  හා විශ්ව විද්‍යාල සිසුන්ට ඉංජිනේරු වෘත්තියේ අවස්ථා පිළිබඳ දැනුවත්  වීමට හා කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව හිමි විය. සන්ධ්‍යා සැසිය කාන්තා ඉංජිනේරුවන්, ආයතනික නායකයන් හා කර්මාන්ත නියෝජිතයන් අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා වෙන් විය.

වැඩසටහනේ විශේෂ අවස්ථාව වූයේ “Engineering a Resilient Future: Leadership Insights From Women Shaping Tomorrow” මැයෙන් පැවති විද්වත් සංවාදයයි. Tudawe Brothers විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරිනී රොමාලි තුඩාවේ, Prime Group  විධායක අධ්‍යක්ෂිකා ශෙහානා බ්‍රහ්මණගේ, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලිදුලා විදානගමගේ ආරච්චි හා CECB සහකාර සාමාන්‍යධිකාරී ඉංජිනේරු තරංගිකා ජයසුන්දර මෙම සංවාදයට එක් වූ අතර මහාචාර්ය නිරංජනී රත්නායක එය මෙහෙයවීය. නායකත්වය, ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධත්වය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී ගැඹුරු අවධානය යොමු විය. Melwa සමාගම සඳහන් කළේ මෙම හවුල්කාරිත්වය කාන්තා ඉංජිනේරුවන් සවිබල ගැන්වීම, නව පරපුරේ ඉංජිනේරු දක්ෂතා වර්ධනය කිරීම හා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා වන තම දිගු කාලීන කැපවීමේ තවත් ප්‍රකාශනයක් බවයි. වෘත්තීය ආයතන සමඟ ඇති මෙවැනි හවුල්කාරිත්ව හරහා රටේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනයට දායක වන දක්ෂ, නවෝත්පාදනශීලී හා අනාගතයට සූදානම් ඉංජිනේරු පරපුරක් බිහි කිරීම තම අරමුණ බව සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close