July 27, 2024
මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි
පුවත්

මෙල්වා සමාගම විශ්ව විද්‍යාල සිසුන් 300කට පූර්ණ ශිෂ්‍යාධාර පිරිනමයි

Feb 13, 2024

ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම පිළිබදව ඇති කැපවීම තව දුරටත් සනාථ කරමින් ශ්‍රී ලංකාව පුරා පිහිටි විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 300කට ශිෂ්‍යාධාර පිරිනමයි. විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයේ නිරත වී සිටින අඩු ආදායම් ලාභී පවුල්වල සිසු සිසුවියන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර සපයන මෙම ශිෂ්‍යාධාර වැඩසටහන මෙල්වා සමාගම දස වසරක පමණ කාලයක සිට ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන යටතේ මේ වන විට සිසු සිසුවියන් 3000කට අධික ප්‍රමාණයක් ශිෂ්‍යාධාර ලබා සිය උපාධි සම්පූර්ණ කර ඇති අතර වර්තමානයේදී විශ්ව විද්‍යාල සිසු සිසුවියෝ 300ක පමණ පිරිසක් මෙල්වා සමාගම පිරිනමන මෙම ශිෂ්‍යාධාර වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබති.

මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ විශේෂත්වය වන්නේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සම්පූර්ණ කාලය සඳහාම අදාළ ශිෂ්‍යාධාර සිසු සිසුවියන්ට හිමි වීමයි. ඊට අමතරව මෙම ශිෂ්‍යාධාර ලබන සිසු සිසුවියන්‌ගේ අධ්‍යාපන කටයුතුවලට අදාළ වෙනත් අවශ්‍යතා සඳහාද සහයෝගය දැක්වීමට මෙල්වා සමාගම කටයුතු කරයි. මෙල්වා සමාගම විසින් හඳුනා ගනු ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවෝ මෙම  ශිෂ්‍යාධාර වැඩසටහන සඳහා තෝරා ගනු ලබති. දැයේ දරුවන් රටේ ජීවනාලියයි යන තේමාව පෙරදැරි කර ගෙන අධ්‍යාපනයට මූල්‍ය දුෂ්කරතා බාධාවක් නොවිය යුතුයි යන සංකල්පය ක්‍රියාවේ යොදවමින් මෙල්වා සමාගම මෙම ශිෂ්‍යාධාර වැඩසටහන ක්‍රියාත්මක කරයි. ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට යමින් සමාජ සත්කාර වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් නිරන්තරයෙන් කටයුතු කරන මෙල්වා සමාගම පරිසර සංරක්ෂණය හා නාගරික අලංකරණය, ඉදිකිරීම් අංශයේ ශිල්පීන්ගේ වෘත්තිය කුසලතා ඉහළ නැංවීම හා පිළිගත් වෘත්තීය පුහුණු සහතික පත්‍ර හිමි කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සැළසීම ආදී සමාජ සුභසාධන වැඩසටහන්වල නිරන්තරයෙන් නිරත වේ.

1 Comment

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *