February 18, 2026
MAS Foundation for Change පිරිසිදු ජල මාර්ග දැයට දායාද කිරීම වෙනුවෙන් OCEAN STRAINER™ 100 ක් ස්ථාපිත කරයි
පුවත්

MAS Foundation for Change පිරිසිදු ජල මාර්ග දැයට දායාද කිරීම වෙනුවෙන් OCEAN STRAINER™ 100 ක් ස්ථාපිත කරයි

Feb 18, 2026

මෙරට ජල මාර්ගයන්හි පාවෙන අපද්‍රව්‍ය ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් MAS Foundation for Change ආරම්භ කරන ලද OCEAN STRAINER™ හි තවත් සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ OCEAN STRAINER™ හි 100 වන ඒකකය වැල්ලවත්ත ඇල පරිශ්‍රයේ ස්ථාපිත කරමිනි. 

OCEAN STRAINER™ ඒකක පිහිටුවීමේ ව්‍යාපෘතිය ප්‍රථම වරට 2020 වසරේදී දෙහිවල ඇල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන ලදී. පාවෙන අපද්‍රව්‍ය එක්රැස් කරන පද්ධතියක් ලෙස නිර්මාණය කර ඇති මෙය, ප්ලාස්ටික් සහ අනෙකුත් පාවෙන අපද්‍රව්‍ය එක්රැස් කරමින් ඇල මාර්ගයේ ජලය නිදහසේ ගලා යාමට ඉඩ සලසයි. මෙහි ඇති සරල තාක්ෂණය සහ මනා සැලසුම හේතුවෙන් ඕනෑම ජල මාර්ගයක මෙය පහසුවෙන් ස්ථාපනය කිරීමට සහ නඩත්තු කිරීමට හැකියාව ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් පළමු වසර තුලදී පමණක් පාවෙන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 67,000කට අධික ප්‍රමාණයක් සාගරයට එක්වීම වැළැක්වීමට කටයුතු කර ඇත.

දැනට කොළඹ, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය, පුත්තලම, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක පුරා OCEAN STRAINER™  ඒකක 100ක් ක්‍රියාත්මක වේ. මෙම සියලුම ඒකක මඟින් සෑම වසරකම පාවෙන අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් මිලියන 2.7ක් පමණ ප්‍රමාණයක් සාගරයට එක්වීම වළක්වන අතර ඒ මඟින් MAS Foundation for Change හි සුරක්ෂිත පරිසරයක් වෙනුවෙන් වන කැපවීම මනාව ප්‍රදර්ශනය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් MAS Foundation for Change හි විධායක අධ්‍යක්ෂිකා ශාරිකා සේනානායක මහත්මිය සඳහන් කර සිටියේ “අපට මෙම ජල මාර්ගයන් පිරිසිදු කළ හැකියි. නමුත් ඊට පෙර ජල මාර්ග අපිරිසිදු වන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. විවිධ පාර්ශවයන් සමඟ එක්ව ජලයෙහි පිරිසිදු බව පවත්වා ගැනීමට කටයුතු කරමින් නිසි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ තුලින් නව සැලසුම්, නවෝත්පාදන හා සුරක්ෂිත පරිසරයක් සඳහා මෙන්ම ප්‍රතිපත්ති හා නීති සම්පාදනයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා” යනුවෙනි.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සුවිසල් පාරිසරික අභියෝග ජය ගැනීමේ අරමුණින් 2022 වසරේදී පිහිටුවනු ලැබූ MAS Foundation for Change ඒ වෙනුවෙන් වූ තිරසාර විසඳුම් නිර්මාණය කිරීම සඳහා වන ශක්තිමත් හවුල්කාරීත්වයක් සහ සහයෝගීතාවයක් ලෙස සඳහන් කළ හැකිය. පසුගිය වසර තුන පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර ඇති වූ ශක්තිමත් සහයෝගීතාවය මෙය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මූලික විය.

අද වන විට සංවර්ධන නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන, සමාගම් සහ රාජ්‍ය ආයතන ඇතුලු හවුල්කරුවන් 38කට අධික සංඛ්‍යාවක් සමඟ එක්ව කටයුතු කරන MAS Foundation for Change සාගර දූෂණය, ජෛව විවිධත්වය අහිමි වීම සහ පිරිසිදු ජලය සපයා ගැනීම ඇතුලු ජනතාව වඩාත් මුහුණ දෙන පාරිසරික ගැටලු රැසකට විසඳුම් ලබා දීමට සමත්ව සිටියි.

ජාතික වැදගත්කමකින් යුත් වැඩසටහනක් ලෙස සාගරයට අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීමේ අරමුණින් OCEAN STRAINER™ 100ක් පිහිටුවීම යනු ඉතා අභියෝගාත්මක කටයුත්තකි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපති ඉංජිනේරු සමන් ශ්‍රී සේනවීර මහතා OCEAN STRAINER™ වැනි වැඩසටහන් තුලින් දැඩි පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයේ ඵලදායී බව මනාව ප්‍රදර්ශනය වනවා. මෙම සහයෝගීතාවය තුලින් අපගේ අනාගත පරපුර උදෙසා ජල සම්පත සහ සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්  රටපුරා අවශ්‍ය ඵලදායී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.

පසුගිය (18) දා කොළඹ Havelock City අසල වැල්ලවත්ත ඇල මාර්ගයේ 100 වැනි OCEAN STRAINER™ ඒකකය ස්ථාපනය කරන ලද අතර එම අවස්ථාව සඳහා හවුල්කාර ආයතන සහ කොටස්කරුවන් එක්ව සිටියහ. මෙම වැඩසටහන තුලින් මේ වන විට අත්කර ගෙන ඇති ප්‍රගතිය හා මෙම ස්ථාපනයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුම බෙදා හදාගත් මෙහිදී වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරයද පැහැදිලි කරන ලදී.

100 වැනි OCEAN STRAINER™ ඒකකය පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් නැවත නැවතත් අවධාරණය කළ MAS Foundation for Change කාලීන මැදිහත්වීම, සහයෝගීතාවය හා අපද්‍රව්‍ය සාගරයට එක්වීම වැළැක්වීම සඳහා ධනාත්මක බලපෑමක් ඇති කිරීමේ විසඳුම් ලබා දීමටද කටයුතු කරන ලදී. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close