July 16, 2026
මැලිබන් සමාගමේ වාර්ෂික පොසොන් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව අනුරාධපුරයේදී සාර්ථක ලෙස අවසන් කරයි
පුවත්

මැලිබන් සමාගමේ වාර්ෂික පොසොන් ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාව අනුරාධපුරයේදී සාර්ථක ලෙස අවසන් කරයි

Jul 16, 2026

මැලිබන් බිස්කට් සමාගම දශක කිහිපයක සේවා සහ ආගමික උරුමය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් වාර්ෂික ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. පසුගිය ජූනි මස 28 සිට 30 දක්වා කාලය තුළ අනුරාධපුරයේ පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සම්බන්ධ වූහ.

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයේ ප්‍රධාන ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කෙරුණා. ඒ අනුව, තෙදින පුරා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රදුන් වන්දනා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සැදැහැවතුන් වෙනුවෙන් මැලිබන් බිස්කට් සහ කිරි තේ සංග්‍රහ කිරීමට සමාගම පියවර ගත්තේය.

තවද, මැලිබන් සමාගම විසින් අඛණ්ඩව 7 වන වරටත් සංවිධානය කරනු ලැබූ රෝද පුටු වැඩසටහන හරහා ඇවිදීමට අපහසු සහ වයෝවෘද්ධ සැදැහැවතුන්ගේ ගමන් පහසුව සලසමින් මැලිබන් උත්තම ප්‍රණාම රෝද පුටු සත්කාරයද පැවැත්විණි.

පොසොන් සමය සමඟ පවතින සබැඳියාව තවදුරටත් තහවුරු කරමින්, මැලිබන් සමාගම සිය සුවිශේෂී බත් දන්සල අඛණ්ඩව 64 වන වරටත් සාර්ථකව පවත්වන ලදී. මෙය සමාගමේ දීර්ඝතම ප්‍රජා සේවා මුලපිරීම්වලින් එකකි. පරම්පරා ගණනාවක් පුරා පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සංග්‍රහ කරන මෙම බත් දන්සල හරහා බෙදාහදා ගැනීම, කරුණාව සහ පරාර්ථකාමී සේවය වැනි මානුෂීය වටිනාකම් සුරැකීමට මැලිබන් සමාගම සතු නොසැලෙන කැපවීම විදහා දක්වයි.

එලෙසම නවීන තාක්ෂණය භාවිත කරමින්, අනුරාධපුරය නගරය වෙත පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙසෙන බැතිමතුන් වෙනුවෙන් කප්රුක පූජාවට සජීවීව සම්බන්ධ විය හැකි විශේෂ ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමටද මෙවර මැලිබන් සමාගම කටයුතු කළේය. එමඟින් ආගමික සහභාගීත්වය පුළුල් කිරීම සඳහා සාම්ප්‍රදායික වත්පිළිවෙත් සහ නව්‍ය තාක්ෂණය සාර්ථකව එක්කර තිබුණි.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ ආයතනික සන්නිවේදන ප්‍රධානී පෝසිත පෙරේරා මහතා මෙසේ කියා සිටියේ, “පරම්පරා ගණනාවක් පුරාවට, පොසොන් උත්සවය මැලිබන් අපට ඉතා සුවිශේෂි අවස්ථාවක්. අපගේ මෙම ප්‍රජා සත්කාරක ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ මෙම පූජනීය උත්සවයේ පදනම වන කරුණාව සහ කෘතඥතාව වැනි උදාර වටිනාකම් මතයි. මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතරම, බැතිමතුන්ට ආශිර්වාදය ලබා ගැනීමට නවීන ක්‍රමවේද ඔස්සේ අවස්ථාව සලසා දීමට ලැබීමද අපට මහත් ගෞරවයක්.” බවයි.

දශක ගණනාවක සිට, මැලිබන් සමාගම එකමුතුකම සහ සමාජ වගකීම යන ආයතනික වටිනාකම් පෙරදැරි කරගනිමින්, අර්ථවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නංවාලීමට කැපවී සිටී. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආගමික හා සංස්කෘතික උරුමයන් සුරකිමින්, ජනතාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මැලිබන් සමාගම ක්‍රියාවට නංවන මෙම පොසොන් ප්‍රජා සත්කාරය, අද වන විට මෙරට වැදගත් වාර්ෂික වැඩසටහනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close