
නවතම අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය DIMO Agribusinesses සහ Mahindra Tractors එක්ව ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වාදෙයි
DIMO Agribusinessesසිය දීර්ඝ කාලීන හවුල්කරුවෙකු වන Mahindra Tractors සමඟ එක්ව පසුගියදා නවතම තාක්ෂණයෙන් නිමවුණු අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික ගොවි ප්‍රජාවට හඳුන්වා දෙන ලදී.
Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට හදුන්වා දීමේ උත්සවය අනුරාධපුර ගලෙන්බිදුණුවැව මනරම් වෙල්යායක විශාල ගොවි ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදුවුණු අතර උත්සවයට සහභාගී වූ ගොවීන්ට මෙම නවතම ට්‍රැක්ටර් රථය පදවා පරික්ෂා කිරීමට ද අවස්ථාව ලැබිණි.
Mahindra හි මීළඟ පරම්පරාවේ Yuvo ට්‍රැක්ටර් මාලාව යටතේ නිෂ්පාදිත මෙම ට්‍රැක්ටරය එයටම අනන්‍ය වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත වන අතර එමඟින් මෙහි කාර්යක්ෂමතාව සහ බහුකාර්ය හැකියාව ඉහළ නැංවී ඇත. මෙහි අඩංගු ඉහළ කැරකුම් බලය (Torque) 197nm සහ 2979 CC ධාරිතාව සහිත එන්ජිම තුළින් එරුම් සහිත කුඹුරකදී මෙන්ම ප්‍රවාහනයේදී ද වැඩි බරක් ඇදගෙන යාමේ හැකියාව මෙම ට්‍රැක්ටර් රථයට ලැබී ඇති අතර 1700Kg කට ආසන්න එසවුම් ධාරිතාවයක් මෙය සතු වේ. මෙහි අඩංගු ඩ්‍රයි ටයිප් (Dry Type) එයාර් ෆිල්ටරය නිසා නිරන්තර නඩත්තුව හා සේවාව අවශ්‍ය නොවන අතර ෆිල්ටරය පිරිසිදු කිරීමට අවශ්‍ය වන විට ඒ බව ට්‍රැක්ටර් මෙහෙයුම්කරුට ඉතා පහසුවෙන් දැනගැනීමට එය දර්ශක පුවරුවේ සඳහන් වේ. එන්ජිම වඩා කාර්යක්ෂමතාවයෙන් හා එලදායී ලෙස ක්‍රියාකිරීමට මෙම එයාර් ෆිල්ටරය නිපදවා ඇත.
ඩුවල් ක්ලච් (Dual Clutch) පද්ධතිය මඟින් ගියර් මාරු කිරීමේදී PTO පද්ධතිය නොනවත්වා ධාවනය කිරීමේ හැකියාවත් PTO ක්‍රියාකාරිත්වය අතින් හසුරුවන ලීවරයක් මඟින් හැසිරවීමේ හැකියාවත් නිසා යන්ත්‍රය මඟින් වැඩි කාර්යක්ෂමතාවයකින් හා ඉතා පහසුවෙන් වැඩි වේලාවක් ක්‍රියාකරුට වැඩ කිරීමේ හැකියාව ලැබී ඇත.
අශ්ව බල (HP) 44.9 HP කැරකුම් බලයක් සහිත නවීන Slipto තාක්‍ෂණය සමඟ 540 rpm වේගය සහිත දෙපසටම කැරකිය හැකි PTO පද්ධතිය මඟින් ට්‍රැක්ටරයට සම්බන්ධ කරන උපකරණ ඉතා පහසුවෙන් හා කාර්යක්‍ෂමව හැසිරවිය හැක. Synchro shuttle තාක්‍ෂණය සහිතව පැති ගියර් ලිවර පද්ධතිය සමඟ ඉදිරිපසට වේග 12 හා පසුපසට වේග 12 ඇති බැවින් කුඹුරේදී මෙන්ම ප්‍රවාහනයේදී අවම කාලයක් තුළ අවම ඉන්ධන ප්‍රමාණයක් වැය කරමින් ඉහළ කාර්යක්ෂමතාවයකින් ට්‍රැක්ටර් ක්‍රියාකරුට වැඩි වැඩ ප්‍රමාණයක් පහසුවෙන් නිම කළ හැක. ඉහළ ධාරිතාවයක් සහිත Hydraulic පොම්පය මඟින් වඩා වැඩි එසවුම් ධාරිතාවයක් සහිතව වඩාත් නිවැරදි ක්‍රියාකාරී තාක්‍ෂණය මඟින් ඒකාකාරී ගැඹුරකින් යුතුව පස සකස් කිරීමේ හැකියාවද පවතී.
ඉදිරිපස (9.5*20) සහ පසුපස (14.9*28) මඩ කට්ට සහිත විශාල ප්‍රමාණයේ ටයර් මඟින් පොළව හා ට්‍රැක්ටරය අතර ඇති පරතරය වැඩි කිරීම තුළින් එරෙන කුඹුරු වලත් පහසුවෙන් මනාව හැසිරවීමේ හැකියාව මෙම නවීන ට්‍රැක්ටර් රථයට හිමිවී ඇත.
මෙම නවතම අශ්ව බල (HP) 50 කාණ්ඩයේ Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය හඳුන්වාදීම පිළිබඳව සිය අදහස් දක්වමින් DIMO හි අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ සඳහන් කළේ “ඊලග පරම්පරාවේ කෘෂිකර්මාන්තය මෙරටට හඳුන්වාදෙමින් DIMO Agribusinesses දේශීය කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණ ක්‍රියාවලිය සවිබල ගැන්වීමට නිතරම කැපවෙනවා. එසේම ඊළඟ පරම්පරාවේ කෘෂිකර්මාන්තය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමටත් දේශීය ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමටත් නිරතුරුවම කටයුතු කරනවා. මෙම නවීන Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටරය ද දේශීය කෘෂි කටයුතුවල කාර්යක්ෂමතාවය වර්ධනය කරමින් අපේ රටේ ගොවි ප්‍රජාව සවිබල ගන්වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.”
වසර 4ක වගකීමක් සහිතව පිරිනමන මෙම නවතම ට්‍රැක්ටර් රථය නිසැකවම දේශීය කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු වර්ධනයට ඉවහල් වන පරිවර්තනීය වෙනසක් ඇති කරනු ඇත.
3 Comments
Hey! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my blog to rank for some targeted keywords but
I’m not seeing very good success. If you know of any
please share. Cheers! You can read similar article here:
Wool product
Hey! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get
my site to rank for some targeted keywords but I’m not seeing
very good success. If you know of any please share. Many thanks!
I saw similar art here: Your destiny
Hey there! Do you know if they make any plugins
to help with SEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very
good success. If you know of any please share. Thank
you! You can read similar art here: Your destiny