Mahindra Ideal Finance කොළඹ ප්‍රධාන වාහන කේන්ද්‍රස්ථානය වන කොහුවලදී නව ශාඛාවක් විවෘත කරයි
Mahindra Ideal Finance (MIFL) හි 38 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගරු. සන්තෝෂ් ජා, Mahindra Ideal Finance හි සභාපති තිලාන් විජේසිංහ සහ Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොහුවලදී විවෘත කෙරිණි.
MIFL හි ප්‍රධානතම ශාඛාවක් ලෙස විවෘත කෙරුණු මෙම කොහුවල නව ශාඛාව මඟින් වාහන ලීසිං, වාහන ණය, කෙටි කාලීන සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සපයනු ලබයි. කොළඹ වැනි කාර්යබහුල වාණිජ කලාපයක මෙම ශාඛාව විවෘත කිරීම මඟින් එම ප්‍රදේශයේ වාහන අලෙවිකරුවන්ට, ආනයනකරුවන්ට මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ඉතා පහසුවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
MIFL මේ වන විට දීප ව්‍යාප්තව ශාඛා 38ක සිය මෙහෙයුම් පවත්වා ගෙන යන අතර මෙමගින් පාරිභෝගිකයින්ට නීත්‍යානුකූල මූල්‍ය සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.
කොහුවල නව ශාඛාව විවෘත කිරීමේ උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු. සන්තෝෂ් ජා මහතා පැවසුවේ, MIFL හි මෙම පුළුල් කිරීම මඟින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආයෝජන සබඳතාවල ශක්තිමත්භාවය සහ එහි අඛණ්ඩ වර්ධනය මනාව පෙන්නුම් කරන බවයි. “Mahindra Ideal Finance වැනි ආයතනවල වර්ධනය ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල සැබෑ ප්‍රගතිය පෙන්නුම් කරන කදිම සාක්ෂියක්. මෙය ශ්‍රී ලංකාව පුරා සිටින විවිධ ප්‍රජාවන් වෙත වඩාත් පහසු මූල්‍ය ප්‍රවේශයක් සමීප කිරීම පිළිබඳව දෙරටටම එකසේ ආඩම්බර විය හැකි අවස්ථාවක්.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Mahindra Ideal Finance හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා පැවසුවේ “කොහුවල නව ශාඛාව විවෘත කිරීම අපේ ව්‍යාපාරික ගමන්මගේ වැදගත් පියවරක්. අපේ අරමුණ වෙන්නේ පාරිභෝගිකයින් සිටින ප්‍රධාන කලාපයන් කරා ගොස්, ඔවුන්ට අවශ්‍ය වාහන ලීසිං, වාහන ණය, කෙටි කාලීන සහ ව්‍යාපාරික ණය මෙන්ම ස්ථාවර තැන්පතු ඇතුළු සියලුම මූල්‍ය සේවාවන් එකම වහලක් යටින් ලබා දීමයි. විශ්වසනීයත්වය වගේම සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව අපගේ ව්‍යාපාරයේ ප්‍රධානතම පදනම වන අතර, මෙම ශාඛාව හරහා ප්‍රදේශයේ ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට තවදුරටත් සමීප වීමට අපට අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.
සිය 38 වන ශාඛාවත් සමඟින් Mahindra Ideal Finance දීප ව්‍යාප්ත සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් පුළුල් කරමින් පාරිභෝගිකයින් වෙත සමීප වෙමින් සිටියි. ෆිච් රේටින්ග්ස් වෙතින් AA-(lka) මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති සමාගම, කොළඹ කොටස් වෙළඳපොළේ ණය සුරැකුම්පත් ලැයිස්තුගත සමාගමක් ද වෙයි.

