August 31, 2026
2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගමට සම්මාන දෙකක්
පුවත්

2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගමට සම්මාන දෙකක්

Aug 31, 2026

පසුගියදා පැවති 2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එහිදී සුව සේවා සහ ශරීර සුවතා අංශය යටතේ රන් සම්මානය මෙන්ම හොඳම ජංගම දුරකතන පරිශීලක අත්දැකීම සඳහා වන එම අංශයේ රන් සම්මානයද සමාගම හිමි කරගත්තේය. මෙම සම්මාන උළෙල මෑතකදී මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී අංශ 24ක් ඔස්සේ ඉදිරිපත් වූ වෙබ් අඩවි 350කට වඩා වැඩි ප්‍රමාණයක් ඇගයීමට ලක් කෙරුණි. මෙහිදී තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එක් එක් වෙබ් අඩවියෙහි තාක්ෂණික භාවිතය, වෙබ් අඩවි නිර්මාණකරණයේ විශිෂ්ටත්වය, ක්‍රියාකාරීත්වය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂණ ප්‍රමිතීන් යන සාධක පදනම් කර ගනිමින් විනිශ්චය කටයුතු සිදු කරන ලදී. මෙම ඉහළ ඇගයීම් තුළින් ලීනා මැනුෆැක්චරින් සමාගම ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට, රෝගීන්ට පහසුවෙන් සේවා ලබාදීමට සහ විශිෂ්ට වෙබ් අඩවි නිර්මාණය කිරීමට දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරයි. ආරක්ෂිත මෙන්ම පරිශීලක-හිතකාමී වෙබ් අඩවියක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ සුව සේවා සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනයන් මෙහෙයවීමට ලීනා මැනුෆැක්චරින් සමාගම අඛණ්ඩව පෙරමුණ ගෙන ක්‍රියා කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close