October 7, 2026
Lighthouse යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස Calin Popular Awards 2026 සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

Lighthouse යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස Calin Popular Awards 2026 සම්මානයෙන් පිදුම් ලබයි

Oct 7, 2026

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සිය සේවා ව්‍යාප්ත කරමින් සිටින Lighthouse ආයතනය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී යුරෝපයේ ජනප්‍රියම ශ්‍රී ලාංකික දේපොළ සේවා සපයන්නා ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම ඇගැයීම ආයතනයේ වර්ධන ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. Lighthouse නිර්මාතෘ සහ අධ්‍යක්ෂ දිනේෂ් පතිරගේ මහතා සහ සම නිර්මාතෘ ආචාර්ය මාර්කෝ රගුචි මහතා එක් වී ආරම්භ කළ මෙම ආයතනය තමන්ගේම නිවසක් මිල දී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දේපොළ මිල දී ගැනීමේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමට සහාය වෙයි.

දිනේෂ් පතිරගේ මහතා පැවසුවේ Lighthouse ආරම්භ කිරීමේ අදහසට පදනම වූයේ තමන් නිවසක් මිල දී ගැනීමේදී මුහුණ දුන් අත්දැකීම් බවයි. “මම මුලින්ම නිවසක් මිල දී ගැනීමට තීරණය කළ අවස්ථාවේදී ඒ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. එහිදී මුහුණ දුන් දුෂ්කරතා නිසා තවත් බොහෝ දෙනෙක් ඒ හා සමාන ගැටලුවලට මුහුණ දෙන බව මට වැටහුණා. Lighthouse ආරම්භ කළේ එදා මට අවශ්‍ය වූ මඟ පෙන්වීම සහ සහාය අනෙක් අයට දීමටයි.” ඔහු සඳහන් කළේය. ඉතාලියේ කුඩා පරිමාණයෙන් ආරම්භ වූ Lighthouse පසුව නගර කිහිපයක් වෙත සිය මෙහෙයුම් ව්‍යාප්ත කළේය. මේ වන විට ආයතනයේ ප්‍රධාන කාර්යාලය රෝමයේ පිහිටා ඇති අතර මිලානෝ, වෙරෝනා, ෆිරෙන්සේ සහ ලූකා යන නගරවල ශාඛා ක්‍රියාත්මක වේ. නාපෝලි නගරයේ නව ශාඛාවක් විවෘත කිරීමටද කටයුතු සූදානම් කෙරෙමින් පවතී. පාරිභෝගික විශ්වාසය සහ විනිවිදභාවය ආයතනයේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බව පතිරගේ මහතා අවධාරණය කළේය. ඉටු කළ හැකි පොරොන්දු දීම සහ අඛණ්ඩව විශ්වාසනීය සේවාවක් සැපැයීම Lighthouseහි ප්‍රමුඛතාවක් බවද ඔහු පැවසීය. “ඉටු කරන්න බැරි පොරොන්දු අපි දෙන්නේ නැහැ. විශ්වාසය අපේ ව්‍යාපාරයේ වැදගත්ම පදනමක්. පාරිභෝගිකයන් සමඟ දිගු කාලීන සබඳතා ගොඩ නඟා ගැනීමට එය අපට උපකාර වී තිබෙනවා.” ඔහු සඳහන් කළේය. ආයතනය තව දුරටත් වර්ධනය වන විට දක්ෂ කණ්ඩායමක් ගොඩ නැඟීමේ සහ අභ්‍යන්තර ක්‍රමවේද ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි වර්ධන අදියරේදී තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කරමින් පද්ධති වැඩි දියුණු කිරීමට සහ වෙනස් වන පාරිභෝගික අපේක්ෂාවලට ගැළැපෙන සේවාවක් සැපැයීමට ආයතනය සැළැසුම් කරයි. ඉදිරි වසර පහ තුළ ඉතාලියෙන් ඔබ්බට සිය සේවා ව්‍යාප්ත කරමින් යුරෝපය පුරා පුළුල් ව්‍යාපාර පැවැත්මක් ගොඩ නැඟීම Lighthouseහි අපේක්ෂාවයි. අනෙකුත් ජාත්‍යන්තර වෙළෙඳපොළවල අවස්ථා සොයා බැලීමටත්, එම ව්‍යාප්තියට සහාය විය හැකි දිගු කාලීන දැක්මක් සහිත ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත් ආයතනය අවධානය යොමු කර ඇත. Calin Popular Awards 2026 සම්මානය යුරෝපය තුළ සිය දේපොළ සේවා ජාලය පුළුල් කරමින් සිටින Lighthouse ආයතනයට ලැබුණු තවත් වැදගත් ඇගැයීමකි. වැඩි දුර තොරතුරු සඳහා +390598770693 අංකයෙන් ආයතනය සම්බන්ධ කර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close