March 22, 2026
කොමර්ෂල් බැංකුවේ අලුතෙන් ඉදිකළ කෑගල්ල ශාඛාව විවෘත කරයි
පුවත්

කොමර්ෂල් බැංකුවේ අලුතෙන් ඉදිකළ කෑගල්ල ශාඛාව විවෘත කරයි

Mar 22, 2024

කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී.

කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CRM) දෙකකින් සමන්විත වන අතර ගනුදෙනුකරුවන්ට දවසේ පැය 24 පුරාම ඩිජිටල් සේවාවන් සපයන අංගසම්පූර්ණ ශාඛාවකි. 

වැඩි දියුණු කළ වාහන නැවැත්වීමේ පහසුකම් එම ස්ථානයට එක් කර ඇති බව බැංකුව පවසයි. මෙම ශාඛාව කෑගල්ලේ පදිංචිකරුවන්ට මෙන්ම ව්‍යවසායකයින්ට පුද්ගලික ණය, නිවාස ණය, ලීසිං පහසුකම් සහ උකස් පහසුකම් වැනි නිෂ්පාදන සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු සේවා සහ ඉතුරුම් නිෂ්පාදන පෙළක් ඇතුළු බහුවිධ නිෂ්පාදන සහ සේවා කළඹකට ප්‍රවේශය සපයයි.

කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා විසින් බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් නව ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාව සේයාරුවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close