July 27, 2024
John Keells Properties සමාගම, HNB බැංකුවේ සහයෝගීතාවය ඇතිව ජා-ඇල ‘විමන්’ හි නිවාස හිමිකරුවන් වෙත සුවිශේෂී වූ ණය යෝජනා පැකේජයක් පිරිනමයි
පුවත්

John Keells Properties සමාගම, HNB බැංකුවේ සහයෝගීතාවය ඇතිව ජා-ඇල ‘විමන්’ හි නිවාස හිමිකරුවන් වෙත සුවිශේෂී වූ ණය යෝජනා පැකේජයක් පිරිනමයි

Nov 13, 2023

John Keells Properties සමාගම සිය නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමති ආයෝජකයින් වෙත ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීම සඳහා HNB බැංකුව සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට අවතීර්ණ විය. මෙම සහයෝගීතාවය යටතේ, පාරිභෝගිකබවතුන් හට HNB බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය සැලසුම් අවස්ථාවන් හරහා ප්‍රතිලාභ හිමිවන අතර ඒ තුළින් ඔවුන්ට ‘විමන්’ හි නිවසක් හිමිකර ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වේ.

පොලී අනුපාත අඩු කිරීම සහ ස්ථාවර ආදායම් විකල්පයන් සමඟ, දේපල ආයෝජනයන් සඳහා ලබා දී ඇති අවස්ථා මගින් සිහින නිවහනක ජීවත් වීමට බලාපොරොත්තුවක් ඇති පිරිස් හට සහ ඔවුන්ගේ ආයෝජන විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන පිරිස් වෙත මෙය ආකර්ශනීය තේරීමක් වනු ඇත.

මේ හරහා ආයෝජකයිගේ මූල්‍යමය පීඩනය අවම කරමින් ඔවුන්ගේ සිහින නිවාස හිමිකම සැබෑ කර ගැනීමට සහ පවුල් සවිබල ගැන්වෙන බව John Keells Properties  සමාගමේ විශ්වාසය වේ. John Keells Properties සමාගමෙ හි අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ට සහනයක් සහ මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ට රිසි සේ ඔවුන්ගේ නව නිවාසවල පදිංචි වීමට ඉඩ සලසා දීමයි.

John Keells Properties සමාගමේ විකුණුම් සහ අලෙවි ප්‍රධානී නදීම් ෂම්ස් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “අපගේ ගනුදෙනුකරුවන්ට අසමසම වටිනාකමක් ලබා දීමට අපි කැපවී සිටිනවා. අපගේ නවතම නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ජා-ඇල පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා නව ණය යෝජනා පැකේජ පිරිනැමීම සඳහා HNB බැංකුව සමග එක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. කොළඹ නගරයට එහි ඇති සුවිශේෂී සම්බන්ධතාවය, සශ්‍රීක හරිත වටපිටාව සහ සූර්ය බලශක්තිය හරහා තිරසර ජීවන රටාවක් ඇතිකර දීම සඳහා අපගේ පදිංචිකරුවන්ට අද්විතීය හා සෞන්දර්යාත්මක ජීවන අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණයි. ජා-ඇල ජීවන රටාව නව මානයකට යොමු කරමින් සහ ප්‍රජාවට සාමකාමී පරිසරයක අත්දැකීම ලබා දීමට විමන් සූදානම්. HNB බැංකුව සමග ඇති කරගත් හවුල්කාරීත්වය මගින් අපට පහසු සහ අනුගතවිය හැකි මූල්‍ය විසඳුම් සඳහා ඉඩ සැලසෙනවා. ඒවගේම එමඟින් නිවාස හිමිකම සඳහා වඩාත් ඉක්මන් ප්‍රවේශයක් ලබා දෙනු ලබනවා.”

HNB බැංකුව විසින් ලබා දෙනු ලබන ණය යෝජනා පැකේජ විවිධ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමට සහ ගැනුම්කරුවන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවට බලපෑමක් ඇති නොවන අයුරින් ඔවුන්ගේ අනාගත ආයෝජනය සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇත. මෙම ප්‍රවේශය, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය නව දැක්මක් වෙත යොමු කරමින් සහ ඔවුන්ගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට හැකිවීම John Keells Properties සමාගමෙහි කැපවීම පිළිබඳ පිළිබිඹු කෙරෙන සාක්ෂියකි.

අක්කර 6ක් පුරා පැතිරී ඇති මෙම ව්‍යාපෘතිය මහල් නිවාස 418 කින් සමන්විත වේ. මෙම නිවාස ව්‍යාපෘතිය නවීන පහසුකම්වල සුසංයෝගී සම්මිශ්‍රණයක් ලබා දෙන අතර එය සැලසුම් කර ඇත්තේ, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ වීමට හා සුරක්ෂිතව පවුල්වලට සතුටින් හා සාමකාමීව සිටීමට කදිම පසුබිමක් නිර්මාණය කර දෙමින්, කුඩා නාගරික පසුබිමක චමත්කාරයක් එක් කරමිනි.

ජා-ඇළ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙහි පදිංචි කරුවන් සඳහා සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් සහ රෝහල් ඇතුළු විවිධ පහසුකම් රැසකට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ඇත. තවද, කොළඹ වරාය අධිවේගී මාර්ගයට පිවිසීමට ඇති පහසුව විමන් සතු සුවිශේෂී වාසියකි. විමන් තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා ස්ථාන, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සහ විදුලි වාහන ආරෝපණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසකින් යුක්තය.

HNB බැංකුවේ පෞද්ගලික මූල්‍ය සේවා සහකාර සාමාන්‍යාධිකාරී, කාංචන කරුණාගම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ” John Keells Properties සමාගම අප සමගින් ඇතිකරගත් හවුල්කාරිත්වය ඔවුන්ගේ අඛණ්ඩ විශිෂ්ටත්වය සහ    කර්මාන්තයට දක්වන දායකත්වය පිළිබඳ කියාපාන සාක්ෂියක් වන අතර, අනාගත නිවාස හිමියන් සඳහා ඉහළම මට්ටමේ මූල්‍ය විකල්පයන් සැපයීම සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කරන්නක්. අඩු පොලී අනුපාත සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විවිධ මූල්‍ය කටයුතු හරහා තෝරාගැනීම් කිරීමට ඉඩ සලසා දෙමින් වර්තමාන භූ දර්ශනය අපේක්‍ෂා කරන නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට එකසේ ආකර්ෂණීය අවස්ථා පිරිනැමීමට අප කටයුතු කරනවා. මෙම උපායමාර්ගික සහයෝගීතාවය පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා වන අපගේ කැපවීම සමගින් මනාව පෙළගැසෙනවා. ඒ වගේම එය ඔවුන්ට මූල්‍ය නම්‍යශීලීභාවය සහ මානසික නිදහසක් සහතික කර දෙන අතරම නිවාස හිමිකම සඳහා පැහැදිලි මාවතක් සලසා දෙනු ලබනවා.’’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *