IPG සමූහය 2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක තේරීම කොළඹ දී සාර්ථකව අවසන් කරයි
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය.
මෙහිදී එම කණ්ඩායම් සියල්ලම තරඟාවලිය සඳහා තම කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර එම අවස්ථාව සඳහා කණ්ඩායම් හිමිකරුවන්, නියෝජිතයින්, ක්‍රිකට් නිලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් එක්ව සිටියේය. ප්‍රසිද්ධ ක්‍රීඩකයින්, නැගී එන ක්‍රීඩකයින් මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩකයින් සමඟින් මෙවර තරඟාවලිය ඉතා උද්වේගකර තරඟාවලියක් බවට පත් වනු ඇත.
මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඉතා සාර්ථකව අවසන් වීම තුලින් පෙනී යන්නේ LPL තරඟාවලිය වෘත්තීය හා විනෝදාස්වාද අංශයන් තුලින් ලබා ඇති දියුණුවයි. එසේම තරඟාවලියේ වාණිජමය වටිනාකම කෙරෙහි කණ්ඩායම් අයිතිකරුවන් සහ ක්‍රීඩකයින් තුල ඇති විශ්වාසය වඩාත් තහවුරු කරන මෙවර තරඟාවලිය සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවට සහ එහි පසුබිම ශක්තිමත් කිරීමට සුවිසල් දායකත්වයක් සපයනු ඇත.
මෙවර තරඟාවලි සඳහා SC Jaffna Kings, Galle Gallants, Kandy Royals, Dambulla Sixers සහ Colombo Kaps යන කණ්ඩායම් එක්ව සිටින අතර තරඟාවලිය ආරම්භ කිරීමට පෙර තම කණ්ඩායම ජනතාව අතරට රැගෙන යාමේ වැඩ කටයුතු ආරම්භ කිරීමටද ඔවුන් කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා අවස්ථාව සලසාදීම, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ක්‍රීඩාව තුල ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවෙහි ශක්තිය ඉහළ නැංවීම සඳහා මෙම LPL තරඟාවලිය සුවිසල් දායකත්වයක් දක්වනවා. එමෙන්ම ලොව විශිෂ්ට තරඟාවලි සංවිධානය කිරීම සඳහා ලෝකයේ හොඳම තැනක් බව ශ්‍රී ලංකාව පෙන්වා දීමටද මෙම තරඟාවලිය සමත් වනවා” යනුවෙනි.
LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා මෙහිදී පවසා සිටියේ 2026 ක්‍රීඩක තේරීම සාර්ථකව නිම කිරීම හයවන තරඟාවලිය ඉහළ මට්ටමකින් පැවැත්වීමට තැබූ වැදගත් පියවරක් බවයි. තෝරාගත් දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ විශිෂ්ටත්වය මගින් තරගාවලිය කෙරෙහි ඇති විශ්වාසය සහ ආකර්ෂණය පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
IPG සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා පවසන්නේ සියලු දෙනාගේ සහයෝගයෙන් 2026 LPL ක්‍රීඩක තේරීම සාර්ථකව නිම කළ බවයි. එය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය, කණ්ඩායම් අයිතිකරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහයෝගය ලැබුණු බව පැවසූ ඒ මහතා වෙර කණ්ඩායම් සඳහා අති දක්ෂ ක්‍රීඩකයින් එක්ව සිටින බවද පවසා සිටින ලදී. මෙවර තරඟාවලිය වෘත්තීය හා වාණිජ මට්ටමින් ඉතා සාර්ථක අයුරින් පවත්වමින් ප්‍රේක්ෂකයන්ට වඩාත් උද්වේගකර තරඟාවලියක් දැක ගැනීමේ හැකියාව උදා කර දීම කම අරමුණ බවද ඒ මහතා පැවසීය.

