July 27, 2024
සියපත ෆිනෑන්ස් වෙතින් ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ‘සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට්’ සේවාව හඳුන්වාදෙයි
පුවත්

සියපත ෆිනෑන්ස් වෙතින් ඔබගේ හදිසි මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ‘සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට්’ සේවාව හඳුන්වාදෙයි

Sep 26, 2023

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත සියපත ෆිනෑන්ස් සමාගම සිය පාරිභෝගික භවතුන්ගේ කඩිනම් මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නවතම ‘සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට්’ (Siyapatha Fast Draft) සේවාව වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

නව සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට් සේවාව යටතේ එක් දිනක් ඇතුළත මාස 12ක නැවත ගෙවීමේ කාලයකට අඩුම ලියකියවිලි සහිතව අවම පොලී අනුපාතයක් යටතේ ණය මුදලක් ලබා ගැනීමටත්, අමතර ගෙවීමකින් තොරව පාරිභෝහික අභිමතය පරිදි එම ණය මුදල කොටස් වශයෙන් නැවත ගෙවීමටත්, අවශ්‍යතාවය මත නැවත ණය මුදල වැඩි කර ගැනීමටත්  පාරිභෝගිකයන්ට ඉඩකඩ ලබා දෙයි.

‘සියපත ෆාස්ට් ඩ්‍රාෆ්ට්’ සේවාව ඔස්සේ ණය මුදලක් ලබා ගැනීමේ දී අවම ලියකියවිලි අවශ්‍යතාව සහ කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලිය නිසා  පාරිභෝගික පහසුව  සැලසෙන අතර, පාරිභෝගික ජනතාවගේ මූල්‍ය ඉලක්කවලට හානියක් නොවන අයුරින් තරඟකාරී පොලී අනුපාත යටතේ මෙම ක්ෂණික ණය ලබාදීම ද විශේෂිතය.

 සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයින ම ආවරණය කරන ශාඛා 45 ක ජාලයකින් සහ කාර්යක්ෂම හා සුහද කාර්‍යමණ්ඩලයකින් සමන්විත, මෙරට ප්‍රමුඛතම  මූල්‍ය සමාගමක් වන අතර, එම සමාගමේ මූල්‍ය පහසුකම් යටතේ, ලීසිං, පෞද්ගලික ණය, ව්‍යාපාර ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් සහ ෆැක්ටරීන් ආදී විවිධ මූල්‍ය සේවාවන් රැසක් එකම වහලක් යටින් ලබා දෙයි.  පසුගිය වසර 18 තුළ, සියපත ෆිනෑන්ස් සමාගම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමට සහ ඔවුන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීමට සුවිශේෂී දායකත්වයක් ›‍ ලංකා ආර්‍ථිකයට ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *