February 12, 2025
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය ලබාදීමට කොමර්ෂල් බැංකුව IDB සමඟ එක්වෙයි
පුවත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය ලබාදීමට කොමර්ෂල් බැංකුව IDB සමඟ එක්වෙයි

Feb 15, 2024

කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශයේ ප්‍රගතිය පිළිබඳ කටයුතු භාරව සිටින කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහාය ලබා දීමේ අරමුණින් නව මුලපිරීමක් දියත් කර ඇත.

මෙම හවුල්කාරීත්වය මගින් IDB හි පාර්ශවකරුවන් හට IDB වෙබ් අඩවියේ ‘BizConnect’ හරහා ගෝලීය වෙළඳපලට පිවිසීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා නිර්මාණය කර ඇති ‘කොමර්ෂල් බැංකුවේ LEAP GlobalLinker’ ඩිජිටල් වේදිකාව වෙත ප්‍රවේශ වීමේ පහසුකම් සපයයි.

කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ IDB සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා, IDB අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික P’ L’ U’ රත්නමලාල මහතා හා ඩිජිවේෂන් පුද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර් වකීල් මහතා යන අයවලුන් අතර මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙමගින් ‘කොමර්ෂල් බැංකු LEAP GlobalLinker’ වේදිකාව හරහා සේවා සැපයීම සඳහා බැංකුවට රාමුවක් නිර්මාණය වන අතර, IDB වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට එම සේවාවන් වලට පිවිසීමේ හැකියාව ලැබේ. තවද එම පරිශීලකයින්ට අමතර දැනුමක් ලබා දීම සඳහා කර්මාන්තවලට අදාල ලිපි ලේඛන මෙම වේදිකාව තුල ප්‍රකාශයට පත්කිරීමට මණ්ඩලයට අවකාශය ලබා දෙයි.

බැංකුව පැවසුවේ IDB වෙබ් අඩවිය තුළ ඇති මෙම සෘජු සම්බන්ධතාව හරහා කොමර්ෂල් බැංකුවේ ‘LEAP GlobalLinker’ වේදිකාවට පිවිසෙන පරිශීලකයින් හඳුනාගෙන ඔවුන්ට අදාල වූ සේවා සැපයීමට බැංකුවට හැකියාව ලැබෙන අතර මෙමගින් ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීමට හා ‘LEAP GlobalLinker’ වේදිකාවේ පාරිභෝගික ප්‍රවේශයත්, දෘශ්‍යතාවයත් වැඩි කළ හැකි බවයි. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් මෙතෙක් සිදු කරන ලද මෙවැනි ප්‍රථම මුලපිරීම බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

1 Comment

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close