July 27, 2024
iBEX Global USA ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි
පුවත්

iBEX Global USA ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරයි

Nov 12, 2023

ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සේවාවන් සපයන ඇමෙරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් iBEX Global සමාගම ලබන මස සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට නියමිතය. මෙම සමාගම විසින් ජයමාල් හෝල්ඩින්ග්ස් ව්‍යාපාර සමූහයේ අධිපති ජයමාල් හේවගේ මහතා iBEX Global හි ඇමෙරිකාව, ඩුබායි හා ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් කර තිබේ. එම සමාගමේ නිර්මාතෘ හා සභාපති වන මවරික් රොබින්සන් මහතා ගාලුමුවදොර හෝටල් පරිශ්‍රය පැවැති සමාරම්භක උළෙලට සහභාගී විය.  එහිදී රොබින්සන් මහතා සඳහන් කළේ iBEX Global සමාගම මීට වසර හතරකට පෙර කොරෝනා වසංගත සමයේ ආරම්භ කළ බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ භාණ්ඩ ප්‍රවාහන, සැපයුම් සේවා හා ජාත්‍යන්තර වෙ‌ළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සදහා පහසුකම් සැපයීමේ අභිප්‍රායෙන් මෙම සමාගම ආරම්භ කළ බවයි. “අප සමාගමේ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙහෙයුම්කරුවන් බොහෝ ආනයන හා අපනයන කරුවන්ට සේවාවන් සැපයීම සඳහා කැප වී සිටිනවා.” අප සමාගම ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ආර්ථික අර්බුදයට මුහුණපා ඇති අවස්ථාවක එහි ආනයන හා අපනයන කරුවන්ට අවශ්‍ය ජාත්‍යන්තර වෙළඳ මූල්‍ය සේවාවන් සැපයීම මගින් රටේ ආර්ථිකය දියුණු කිරීමට උර දීමයි. ජයමාල් හේවගේ මහතා සඳහන් කළේ අවුරුද්දකට අඩු කාලයකදී සිය අපනයනකරුවන්ගේ අපනයන කරුවන් 20% කින් පමණ වැඩි කිරීමේ හැකියාවක් පවතින්නේ නිෂ්පාදකයන් සඳහා වෙළඳ මූල්‍ය පහසුකම් සැපයීම, නිසි වෙළඳපොලක් ඇති කිරීමෙන් හා ආකර්ෂණීය ඇසුරුම් කරන පහසුකම් සපයා දුන හොත් පමණක් බවයි. එබැවින් iBEX Global සමාගම ආනයන හා අපනයන කරුවන්ට අවශ්‍ය මූල්‍යමය පහසුකම් සැපයීමට අමතරව ගෝලීය වෙළෙඳපොළ සොයාදීම, තාක්ෂණික මඟ පෙන්වීම, නිෂ්පාදන ඵලදායිතාවය වැඩි කරගැනීම හා මනා ලෙස ඇසුරුම් කිරීම ආදී වූ උපදෙස් හා මාර්ගෝපදේශය කිසිදු අය කිරීමකින් තොරව ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපිනයන් මගින් සම්බන්ධ විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *