July 27, 2024
කොමර්ෂල් බැංකුව වෙළඳසේවා හොකී ශූරතාව හිමිකරගනී
පුවත්

කොමර්ෂල් බැංකුව වෙළඳසේවා හොකී ශූරතාව හිමිකරගනී

Oct 4, 2023

කොමර්ෂල් බැංකුව පසුගියදා පැවති වෙළඳසේවා A අංශයේ පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ශූරතාව හිමිකරගනිමින් අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකුවේ පිල ගෝල 3 ට 1 කින් පරාජය කළේය. කොමර්ෂල් බැංකුවේ කී‍්‍රඩකයින් තිදෙනකු සහභාගි වූ තරග තුනේදීම ගෝල ත‍්‍රිත්වයක් බැගින් ලබා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන අංගයක් විය. අවසන් මහා තරගයේදී කොමර්ෂල් බැංකුවේ අංජු හේවගේ බැංකුව වෙනුවෙන් ගෝල තුනක් වාර්තා කළ අතර, අර්ධ අවසන් පූර්ව තරගයේදී මිලාන් ආරියවංශ විසින් ගෝල 4 ක් වාර්තා කරමින් සම්පත් බැංකුව ගෝල 4 ට 1 ක් ලෙස පරාජයට පත් කළේය. අවසන් පූර්ව තරගයේදී MAS Holdings කණ්ඩායමට එරෙහිව කොමර්ෂල් බැංකුව ලබාගත් ගෝල 4 න් 3 ක්ම දෙව්ශාන් තිලංක වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *