July 27, 2024
ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම
පුවත්

ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ සහ බර මැනීමේ විසදුම් සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura පෙරටම

Sep 7, 2023

ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙයි.

ජාත්‍යන්තර ප‍්‍රකට සමාගම් වන Hyster, Prestar, Goodpack, Avery Weigh-Tronix සහ A-Safe සමඟ ඇති ශක්තිමත් සබඳතා ප‍්‍රයෝජනයට ගනිමින්, Hayleys Aventura දැන් පුළුල් පරාසයක කර්මාන්තවල ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ උපකරණ සහ සේවා පිරිනමයි.

 ”ශ‍්‍රී ලංකාව සිය අපනයන ඉපැයීම් වර්ධනය කර ගැනීමට අවශ්‍යව සිටින මොහොතක, ශ‍්‍රී ලාංකේය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගෙන ඒමේ හැකියාව තව තවත් ශක්තිමත් කරමින්, ඔවුන්ගේ සැපයුම් දාමයන් තුළ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට අපි සහාය වෙනවා. ප‍්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයන් සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය ප‍්‍රයෝජනයට ගනිමින්, ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ට අනුව උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම සඳහා දැරිය හැකි මිලෙන් යුත් ප‍්‍රවේශයක් ලබා දීමට අපට දැන් හැකි වී තිබෙනවා.” යනුවෙන් Hayleys Aventura සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂක වසභ ජයසේකර මහතා පැවසුවේය.

Hayleys Aventura සමාගම දැන් Hyster ෆොක්ලිෆ්ට් සහ ට‍්‍රක් රථ කුලියට ලබාදෙන අතර, එමගින් නව ෆොක්ලිෆ්ට් ට‍්‍රක් රථ මිලදී ගැනීමේදී අත්විදීමට සිදුවන අධික ප‍්‍රාග්ධන වියදම මග හැරීමට පාරිභෝගිකයින්ට හැකිවෙයි. මේ අතර, Hayleys Aventura හි මැලේසියාවේ Prestar සමඟ ඇති හවුල්කාරිත්වය තුළින් උසස් තත්වයේ ඇසුරුම් රාක්ක පද්ධති සමඟ තම ගබඩා විසඳුම් කළඹ තවත් ශක්තිමත් කර ඇත.

එමෙන්ම Hayleys Aventura සිංගප්පූරුවේ Goodpack සමඟ හවුල් වී ප‍්‍රමිතිගත Goodpack අතරමැදි තොග බහාලූම් (Intermediate Bulk Containers) භාවිතා කරමින් ආහාර සහ පාන වර්ග, පාරිභෝගික නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය, රබර් සහ මෝටර් රථ උපාංග සඳහා ආරක්ෂිත, අවම පිරිවැයකින් යුතු කාර්යක්ෂම ඇසුරුම්කරණ සඳහා සාධනීය විසඳුම් ලබා දෙයි. මෙම නැවත භාවිතා කළ හැකි, කාර්මික ශ්‍රේණියේ ලෝහ වලින් සාදන ලද ඨදදාච්ජන අතරමැදි තොග බහාලූම් පාරිභෝගිකයින්ට නිෂ්පාදන අපනයනය කිරීමට හෝ ගෘහස්ථව ගබඩා කිරීමට හෝ ප‍්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ හැක.

Hayleys Aventura සමඟ අත්වැල් බැඳගෙන ඇති A-Safe සියලූම කාර්මික සේවා ස්ථාන සඳහා පොලිමර් ආශි‍්‍රත ශක්තිමත් ආරක්ෂක බාධක නිෂ්පාදනය කරන ලොව ප‍්‍රමුඛතම නිෂ්පාදකයයි. A-Safe ආරක්ෂක බාධක භාවිතයෙන් සේවකයින්, අත්‍යවශ්‍ය උපකරණ සහ ගොඩනැගිලි ව්‍යුහයන් වල ආරක්ෂාව තහවුරු කරමින්, ෆොක්ලිෆ්ට් සහ වෙනත් මෙහෙයුම් වලදී ගැටුම් මගින් සිදුවිය හැකි කාර්මික අනතුරු වළක්වා ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවෙයි.  

ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද සහ ගබඩාකරණ විසඳුම් පරාසයට අමතරව, Hayleys Aventura විසින් කාර්මික තරාදියේ සිට පාලම් තරාදි දක්වා ගෝලීය වශයෙන් විශ්වාසදායක බර මැනීමේ විසඳුම්, එක්සත් රාජධානියේ Avery Weigh-Tronix සමග එක්ව එකම වහලක් යටින් පිරිනමයි.

Hayleys Aventura විසින් ඕනෑම කීර්තිමත් ෆොක්ලිෆ්ට් සන්නාමයක් සඳහා  ඕනෑම අලූත්වැඩියාක් සිදුකල හැකි අතර පැය 24 පුරා ක‍්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක්, දිවයින පුරා ප‍්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන 9ක් සහ හදිසි පැමිණීමේ සේවාවක් මෙන්ම අංග සම්පූර්ණ යාන්ත‍්‍රික වැඩපලක් ද ක‍්‍රියාත්මක කරයි. සමාගමේ ප‍්‍රවීණ සහ පළපුරුදු කාර්ය මණ්ඩලය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා අලෙවියට පෙර සහ අලෙවියෙන් පසු උපදේශන සහ අදාළ සේවාවන් සැපයීමට කැපවී සිටිති.

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන Hayleys සමූහයේ කාර්මික යෙදවුම් සහ බලශක්ති ක්ෂේත‍්‍ර නියෝජනය කරන Hayleys Aventura විවිධාංගීකරණය වූ උපාය මාර්ගික ව්‍යාපාරික ඒකක හතරකින් සමන්විත වේ. එනම් කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය සහ විශ්ලේෂණ විසඳුම්, කාර්මික අමුද්‍රව්‍ය සහ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්තිය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *