July 27, 2024
හමීඩියා විලාසිතා උරුමයක 75 වැනි සංවත්සරය සමරයි
පුවත්

හමීඩියා විලාසිතා උරුමයක 75 වැනි සංවත්සරය සමරයි

Jan 9, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, 75 වසරක අභිමාණවත් විලාසිතා උරුමය සමරමින් නව වසර සඳහා, “Celebrating Life” නමින් පිරිමි ඇඳුම් පැළඳුම් විලාසිතා මාලාවක් එළිදැක්වීය. නූතන විලාසිතා අවශ්‍යතාවයන් උදෙසා මනාව ගැළපෙන වර්ණ සහ රටාවන්ගෙන් සපිරි පිරිමි ඇඳුම් පැළඳුම් පරාසයක් මෙම නව විලාසිතා එකතුවට ඇතුළත් වෙයි. හමීඩියා වෙතින් පාරිභෝගිකයන්ට නිමි ඇඳුම්වල සිට තමන්ගේ මිම්ම ලබා දී මහන ඇඳුම් (made-to-measure) දක්වා පුළුල් පරාසයක ඇඟලුම් සහ පිරිමි පැළඳුම් ලබා ගැනීමේ හැකියාව පවතී. රාජකාරි, මංගල, සාමාන්‍ය, උත්සව අවස්ථා සඳහා ඇඟලුම්, ලිනන්, කමිස, ජැකට් සහ කලිසම් ආදී ඇඳුම්වල සිට උසස් හම්වලින් කරන නිෂ්පාදන දක්වා මෙම එකතුව පුළුල්වෙයි. එසේම සපත්තු, ඉනපටි ආදී ලෙස විලාසිතා එකතුවේ හැඩයට වර්ණයට රටාවට ගැළපෙන පැළඳුම් වර්ග රාශියක් නිර්මාණය කර ඇත.

කුඩා පිරිමි ළමයින්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා ඕනෑම වයසක පාරිභෝගිකයෙක් හට වඩාත් ගැළපෙන පිරිමි ඇඳුම් පැළඳුම් මසා දීමට වසර 75ක් සිදුකළ කැපවීම හමීඩියා ආයතනය සන්නාමයක් ලෙස අද ලබා ඇති විශ්වාසනීය ජනප්‍රියතාවය තවත් පැහැදිළි කරයි. විවහා උත්සව වලදී මනමාලයා ඇතුළු පිරිසගේ ඇඳුම් පැළඳුම් සකසා ගැනීමට සැවොම පළමුවෙන්ම පැමිණෙන තැනක් ලෙස හමීඩියා ආයතනය ප්‍රචලිතව ඇති අතර නවීන විලාසිතාවන්ගෙන් සපිරි ඉහළම තත්ත්වයේ මනා නිමාවකින් යුතු ඇඳුමක් අවශ්‍ය විටක පිරිමි පාර්ශවයේ බොහෝ දෙනා විශ්වාසය කරන සන්නාමය ලෙස හමීඩියා ඉහළින්ම තිබෙයි. අදවන විට පිරිමි ඇඳුම් නිර්මාණයෙන් නොනැවතී හමීඩියා ආයතනය කාන්තා සහ ගැහැණු ළමුන් සඳහාද ඇඳුම් නිර්මාණය කිරීම දක්වා ද සිය සේවා පුළුල්කර තිබේ.

හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පිරිමි ඇඳුම් නිර්මාණයේ සහතිකලත් විශේෂඥ (USA), ෆවුසුල් හමීඩ් මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී සිය අදහස් මෙසේ දැක්වීය.“ හමීඩියා අපි වසර 75ක සේවාව සමඟින් අපේ ආයතනයේ තවත් සංධිස්ථානයක් පසුකරනවා පමණක්ම නොවෙයි, අපි ජීවිතයේ වටිනාකම් සමඟින් ජීවිතය සමරන්න කටයුතු කරනවා. “Celebrating Life” විලාසිතා එකතුව අපේ සන්නාම උරුමයේ සංකේතයක්. ඒවගේම වසර ගණනාවක් පාරිභෝගිකයන් අපත් සමග බෙදාහදාගත් විලාසිතා ජීවිත එකතුවේ ආත්මීය ප්‍රකාශනයක් මෙන්ම ඔවුන්ට උපහාරයක්.”

Albini, Thomas Mason, Loro Piana, DORMEUIL, Ermenegildo Zegna, VBC සහ Tessitura Monti ආදී ලොව ප්‍රචලිත උසස්ම තත්ත්වයේ රෙදිපිළි සන්නාමයන් උපයෝගී කරගෙන ඇඳුම් නිර්මාණය කරන හමීඩියා ආයතනය ඉතාලිය, යුරෝපිය සහ ආසියානු රටවලින් කෝට් සහ සූට් නිර්මාණය කිරීමට විවිධ වර්ගයේ රෙදි වර්ග 300කට ඉහළ ප්‍රමාණයක් ඇනවුම් කරයි. එසේම ඉහළම විලාසිතා සහ උසස් නිමාව සැමවිටම පවත්වා ගැනීමට වසර 75ක් මු`එල්ලේ කළ කැපවීම හමීඩියා ආයතනය අද සිටින තත්ත්වය දක්වා ඔසවා තබා ඇත.

හමීඩියා ප්‍රදර්ශනාගාර, Envoy Mansion සහ දිවයින පුරා බෙදාහැරීම් පහසුකම් සහිත www.hameedia.com වෙබ් අඩවිය තුළින් ද මෙම විලාසිතා එකතුව දැකබලා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාකර තිබේ. පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම උත්සව සමයේ ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් වලට සහ ඇඳුම් පැළඳුම් වලට විශේෂ දීමනා රැසක් හඳුන්වා දීමට ද කටයුතු කර තිබේ.

1949 වසරේ දී ආරම්භ කළ හමීඩියා ආයතනය විශාල පරාසයක පැතිරුණු පිරිමි ඇඳුම් පැළඳුම් එකම තැනකින් මිලදී ගැනීමේ අවස්ථාව උදාකරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් පැළඳුම් නිර්මාණ ආයතනයයි. නවීන විලාසිතා, මනා නිමාවකින් යුක්තව සකස් කර දී පාරිභෝගික අවශ්‍යතාවය මනාව සපුරන ආයතනයක් ලෙස හමීඩියා ආයතනය ශ්‍රී ලංකා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා නිර්මාපකයා ලෙස නමක් දිනාගෙන තිබේ. Envoy London, Le Bond, Signature, Roseavelt, Van Heusen, Louis Philippe, Park Avenue, Raymond සහ Adidas ආදී ලොව ප්‍රචලිත සන්නාම පරාසයක් හමීඩියා වෙතින් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *