July 27, 2024
Fems H.E.R. Foundation ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබලගැන්වීමේ මෙහෙවරක
පුවත්

Fems H.E.R. Foundation ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබලගැන්වීමේ මෙහෙවරක

Sep 18, 2023

ලෝකයේ යහපත් පරිවර්තනයන් සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමට කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අප්‍රමාණ වූ හැකියාවක් ඇත. එහෙත් ඔවුන්ට තම නිවෙස් තුළ මෙන්ම ප්‍රජාවන් තුළ තීරණ ගැනීමේ සමාන අයිතිය තහවුරු කිරීමට නම් තව බොහෝ දෑ ඉටුකළ යුතුව පවතී. එමෙන්ම රටේ සංවර්ධනයට දායක වීමටත්, ඉන් ප්‍රතිලාභ ලැබීමටත් ඔවුන්ට වැඩි වැඩියෙන් අවස්ථා උදාකර දිය යුතු ය. කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන Fems, කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීම සඳහා අත්වැලක් වීමට සෑම විටම කටයුතු කර තිබේ. වඩාත් යහපත් හෙට දිනයක් උදෙසා කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගැන්වීමේ වැදගත්කම දකිමින්, Fems මේ වනවිට ‘H.E.R Foundation’ (Help. Empower. Rise) නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් Hemas Consumer Brands හි අධ්‍යක්ෂ (අලෙවි) ශියාන් ජයවීර මහතා මෙසේ අදහස් දැක්වී ය.  “කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වශයෙන් Fems සෑම විටම කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට සමාජ සම්මතයන්ගේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වී තිබෙනවා. ‘H.E.R Foundation’ යනු මෙම මෙහෙවරේ ඉදිරි පියවරක්. මේ ඔස්සේ කාන්තාවන්, ගැහැනු දරුවන් සහ ප්‍රජාවන් දැනුවත් කිරීමටත්, විවිධාකාර වූ බාධාවන් ජයගැනීමට කාන්තාවන් හා ගැහැනු දරුවන් දිරිමත් කිරීමටත් අවශ්‍ය විසඳුම් හා සම්පත් සැපයීමට අප බලාපොරොත්තු වනවා.”

අධ්‍යාපනික වැඩසටහන්වලට සිට, සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ පහසුකම් සැලසීම ඔස්සේ කාන්තාවන් හා ගැහැනු දරුවන්ගේ සනීපාරක්ෂාව නැංවීම දක්වා විවිධාකාර වූ වැඩසටහන් H.E.R Foundation හරහා ක්‍රියාවට නැංවෙනු ඇත. අන්තර්කරණය තුළින් සියලුම තරාතිරම්වලට අයත් වූ කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගැන්වීම සඳහා මෙම වැඩසටහන Help, Empower සහ Rise යන ප්‍රධාන අංශ තුන යටතේ ක්‍රියාත්මක කෙරේ.

Help අංශය යටතේ ප්‍රධාන වශයෙන් සහනදායී මිලට පහසුවෙන් සනීපාරක්ෂක තුවා ලබාගැනීමට අවස්ථාව සලසා දීම සිදුකෙරෙනු ඇත. අනවබෝධය සහ මිල අධික වීම යන සාධක හේතුවෙන් රටේ කාන්තාවන් අතරින් 70% කටම විධිමත් ලෙස සනීපාරක්ෂක තුවා භාවිතා කිරීමට නොහැකි වී තිබේ. මීට පිළියමක් වශයෙන් 2022 වසරේදී Fems විසින් ‘AYA’ සන්නාමය යටතේ ඉහළම ප්‍රමිතියකින් යුත්, එහෙත් සහනදායී මිලකට ලබාගත හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් හඳුන්වා දෙන ලදි. මෙම සනීපාරක්ෂක තුවා ලබාගැනීමට මෙරට කාන්තාවන් හා ගැහැනු දරුවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දීමට H.E.R Foundation කටයුතු කරනු ඇත. මේ වනවිට රටේ පවුල් 270,000 කට වැඩි ගණනකට AYA සනීපාරක්ෂක තුවා ලබාගැනීමට හැකි වී තිබේ.

Empower අංශය යටතේ සනීපාරක්ෂක තුවා භාවිතා කිරීම පිළිබඳව විවෘත සංවාදයන්ට අවස්ථාව සලසා දෙනු ඇත. මේ ඔස්සේ පාසල්වලට සහ කාර්යාලවලට සනීපාරක්ෂක තුවා හඳුන්වා දෙමින්  Fems  ඔවුන්ගේ සිහින බාධාවකින් තොරව ජය ගැනීමට සහය ලබා දෙනු ලැබේ . මේ වනවිටත් පාසල් සහ රැකියා ස්ථානවල ක්‍රියාවට නැංවූ දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා කාන්තාවන් සහ ගැහැනු දරුවන් 125,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමට Fems සමත් වී ඇත.

Rise අංශය යටතේ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ ගතානුගතික සමාජ ආකල්පවලට අභියෝග කිරීමට දිරිගන්වනු ලබන අතර, විවිධ පසුබිම්වලට අයත් කාන්තාවන් අත්කරගෙන ඇති ජයග්‍රහණ ඇගයීමට ලක්කෙරේ.

මෙම වැඩසටහන් මගින් ඇතිවන යහපත් බලපෑම තවදුරටත් පුළුල් කිරීම සඳහා, සමාන අදහස් දරන පුද්ගලයන්, සමාගම්, ආයතන හා සංවිධාන සමග අත්වැල් බැඳගැනීමටද H.E.R. Foundation බලාපොරොත්තු වෙයි. එය දැනටමත් Sarvodaya Women’s Movement, Fusion, Arka Initiative සහ MJF Charitable Foundation වැනි සංවිධාන සමග අත්වැල් බැඳගෙන ඇත.

සමාජය තුළ සැබෑ වෙනසක් සිදුකිරීමට දායක වීමට කැමති ඕනෑම කෙනෙකුට H.E.R. Foundation හි මෙහෙවර සමග එක්වීමට අවස්ථාව තිබේ. තම මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කාන්තාවන්ගේ හා ගැහැනු දරුවන්ගේ පෞද්ගලික හා සමාජයීය දියුණුවට මංපෙත් විවර කරමින්, වඩාත් දීප්තිමත් අනාගතයක් උදාකර දීම H.E.R. Foundation හි පරමාර්ථය වී ඇත.

5 Comments

  • Woh I like your content, saved to favorites! .

  • I don’t commonly comment but I gotta tell thanks for the post on this special one : D.

  • Hi there, I discovered your blog by the use of Google while looking for a comparable subject, your web site got here up, it looks good. I’ve bookmarked it in my google bookmarks.

  • You really make it appear really easy together with your presentation however I find this matter to be actually something that I believe I might by no means understand. It sort of feels too complex and very large for me. I am having a look forward in your next put up, I will attempt to get the hold of it!

  • I like what you guys are up too. Such smart work and reporting! Keep up the superb works guys I’ve incorporated you guys to my blogroll. I think it’ll improve the value of my site 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *