July 27, 2024
Hemasහී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි
පුවත්

Hemasහී පාරිභෝගික සන්නාම වන Fems සහ Clogard Fresh SLIM Digis 2.3 සම්මාන උළෙලේ දී ඇගයුම් ලබයි

Jan 6, 2024

Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය  දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදක්වන ලද “දියණියගේ දිනය” ඩිජිටල් ව්‍යාපෘතිය මෙහිදී  ඇගයුම්   ලැබූ අතර ඒ වෙනුවෙන් SLIM Digis Merit සම්මානය හිමි විය. Fems හි මෙම නව්‍ය ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ඔසප් සෞඛ්‍ය පිළිබඳව සමාජයේ ඇති ඍණාත්මක මතවාද බිඳ දැමීමට කටයුතු කළ අතර දියණියන් සහ පියවරුන් අතර ඇති ආදරණීය බැදීම එහිදී ඉතා දක්ෂ ලෙස   ඉස්මතු කරන ලදී.

මෙම ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ප්‍රබල සමාජ පණිවිඩයක් ලබා දීමට Fems උත්සහ ගෙන ඇති අතර කාන්තාවකගේ ජීවිතය තුළ පුරුෂයෙකු විසින් ඉටු කළ යුතු භූමිකාව   අවධාරණයට ලක් කරමින්  ‘ඔසප් වීම යනු තවදුරටත් පසුබට විය යුතු කරුණක් නොවන බව’ පිළිබඳව දැවැන්ත සමාජ කතිකාවතක්  නිර්මාණය කිරීමට මෙමඟින් හැකියව ලැබුණි. සමාජයේ මුල්බැසගත් මතවාදවලින් ඔබ්බට ගොස් ඔසප් සෞඛ්‍ය පිළිබඳව විවෘත සංවාදයක් ඇති කිරීමට Fems විසින් දක්වන ලද මෙම  ප්‍රගතිශීලී ප්‍රවේශය සහ කැපවීම මෙම සම්මාන උළෙලේදී කැපී පෙනුණි.

එමෙන්ම ශ්‍රී ලාංකික මුඛ සත්කාරක නිෂ්පාදන අතර ඉදිරියෙන්ම සිටින ‘ක්ලෝගාඩ් ෆ්‍රෙෂ්’ විසින්   ‘Freshness you can’t hide’ නමින්  දියත් කරන ලද  බහු වේදිකා ඩිජිටල් ව්‍යාපාරය වෙනුවෙන් ද මෙම සම්මාන උළෙලේදී ඩිජිටල් ලෝකඩ සම්මානය හිමි විය. Gen-z ප්‍රේක්ශකයන් ඉලක්ක කරගනිමින් සැකසුණු මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය   Instagram, TikTok, WhatsApp සහ Facebook වැනි ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කළ අතර මෙහිදී Teasers, Influencer marketing, ප්‍රශ්නාවලි ඇතුළු තවත් බොහෝ ක්‍රමවේදයන් භාවිත කෙරිණි . එම ක්‍රමෝපායන් සියල්ලම  ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි මහත් පිටිවහලක් වූ අතර ඒ තුළින් සන්නාමයේ වෙළෙඳපල ඉහළ නැංවීම මෙහි මූලික පරමාර්ථය විය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද මෙම SLIM Digis 2.3 සම්මාන උළෙලේදී  ඩිජිටල් අලෙවිකරණ අංශය තුළ දැක්වූ කුසලතාවයන් අගය කරමින් විවිධ කාණ්ඩ  190 කට අධික සංඛ්‍යාවක් යටතේ ඇගයීම් සම්මාන පිරිනමන ලදී.  අලෙවිකරණ ක්ෂේත්‍රයේ  වඩාත්ම නව්‍ය සහ ඵලදායි ඩිජිටල් ව්‍යාපාර හඳුනාගැනීම සහ ඒවා දිරිමත් කරමින් ඇගයීම මෙම සම්මාන උළෙලේ ඇති සුවිශේෂීත්වය විය.

Fems සහ Clogard Fresh යන සන්නාම ද්විත්වයම සිය උපාය මාර්ගික සැලසුම්වලදී මෙන්ම වෙළෙඳපල බලපෑම්කාරී ව්‍යාපෘති සිදුකිරීමේදී නිර්මාණශීලිත්වය සහ ආදර්ශමත් බව මැනවින් ප්‍රකට කර ඇති බවට මෙම සම්මාන කදිම සාක්ශියක් වනු   ඇත. එමෙන්ම ඩිජිටල් ප්‍රවේශයන් හරහා විවිධ පාරිභෝගිකයන් සමඟ සාර්ථකව සම්බන්ධ වෙමින් කටයුතු කිරීම කෙරෙහි ඔවුන් දක්වන ලද කුසලතාවයද මෙම SLIM Digis 2.3 හි ඔවුන්ගේ සාර්ථකත්වය කෙරෙහි නිසැක හේතු සාධකයක් වන අතර මේ හරහා නැවත නැවතත් ඔවුන් සතු විශිෂ්ටත්වය සහ කැපවීම පිළිබිඹු වේ.

1 Comment

  • Oh my goodness! a tremendous article dude. Thanks Nevertheless I am experiencing challenge with ur rss . Don’t know why Unable to subscribe to it. Is there anybody getting an identical rss downside? Anybody who is aware of kindly respond. Thnkx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *