July 27, 2024
HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේ දී #Happyisnow හරහා සුවිශේෂී දීමනා
පුවත්

HNB කාඞ්පත් හිමියන්ට එළැඹෙන උත්සව සමයේ දී #Happyisnow හරහා සුවිශේෂී දීමනා

Dec 4, 2023

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී නැවතත් සිය කාඞ්පත් හිමියන්ට සතුට හා සිනහව රැගෙන එමින් #Happyisnow හරහා සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.

HNB ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්‍ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප‍්‍රිය අවන්හල්, සුපිරි වෙළඳසැල්, හෝටල් සහ පාසල් ලිපිද්‍රව්‍ය අලෙවි සැල් ඇතුළු 300 කට අධික වෙළෙඳසැල් සංඛ්‍යාවක් සමඟ අත්වැල් බැඳගනිමින් තම ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2023 නොවැම්බර් 12 සිට 2023 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 75%ක් දක්වා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් ආකර්ෂණීය ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවේ ‘‘මෙම නත්තල් සමයේදීත් අපගේ ගනුදෙනුකාරභවතුන්ට වටිනා ත්‍යාගයක් ලෙස විශේෂ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ් දීමනා පිරිනැමීම පිළිබඳව අපි සතුටු වනවා. සෑම නිවාඩු කාලයේ සෑම මොහොතක්ම අමතක නොවන අත්දැකීමක් බවට පත් කිරීම අපගේ අරමුණ වන අතර, මෙම සුවිශේෂී දීමනා සමඟින් මෙවරත් පී‍්‍රතිමත් උත්සව සමයක් අපගේ පාරිභෝගික ජනතාවට ලබා දීමට අපගේ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කරනවා ඇතැයි අප විශ්වාස කරනවා. මෙම අදහා ගත නොහැකි ප‍්‍රතිලාභ සහ සැලකිය යුතු ඉතිරියක් සමඟින් ප‍්‍රීතිමත් උත්සව සමයක් ගත කිරීමට HNB අප හා එක් වන්නx ඔබට ප‍්‍රීතිමත් සහ සෞභාග්‍යමත් නිවාඩු සමයක් ප‍්‍රාර්ථනා කරනවා!” යනුවෙනි.

HNB මෙවර උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළඳසැල් රැසක් සමඟ අත්වැල් බැදගෙන සිටී. මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල වෙතින් HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගෙදර-දොර උපකරණ සතිය පුරාවට මිලදී ගත හැකිය. ඒ අනුව රු. 2,500 කට වැඩි බිල්පත්වලට දෙසැම්බර් 4 සහ 25 යන සඳුදා දිනයන්හි කිරි නිෂ්පාදන 300කට වැඩි ගණනක් සඳහා Cargills වෙතින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා 20% ක වට්ටමක් ද සෑම අඟහරුවාදා හා බදාදා දිනකම Keells Super වෙතින් නැවුම් එළවළු, පළතුරු සහ seafood මිලදී ගැනීමේදී රු. 4,000 කට වැඩි බිල්පත් සඳහා 25% ක වට්ටමක් ද ලබා දෙයි. එමෙන්ම HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සවස 4 සිට රාත‍්‍රී 8 දක්වා Laugfs Super විසින් රු. 3,000 කට වැඩි බිල්පත් සඳහා පිළිවෙලින් 10%ක හා 5% ක වට්ටමක් ද ලබා ගත හැකිය. 

මෙම හවුල්කාරීත්වය හරහා HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් පාරිභෝගිකයින්ට දෙසැම්බර් මස 8 හා 22 යන සිකුරාදා දිනවල සවස 3 සිට රාත‍්‍රී 8 දක්වා සියලූම Softlogic Glomark සුපිරි වෙළෙඳ සැල් සහ Glomark.lk විසින් භාණ්ඩ මිලදී ගැනීමේදී රු. 7,500 කට වැඩි බිල්පත්වලට පිළිවෙලින් 25%ක වට්ටමක් සහ 10%ක වට්ටමක් ලබා දෙයි. තවද Arpico Supercentres විසින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම තෝරා ගත් නැවුම් පළතුරු, එළවළු, මාංශ ආහාර සහ seafood මිලදී ගැනීමේදී රු. 4000 කට වැඩි බිල්පත් සඳහා 30% ක වට්ටමක් හිමි කරගත හැකිය.

HNB මෙවර උත්සව සමයේදී තම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම ආරක්ෂිතව සාප්පු සවාරි යාමට හැකියාව ලබා දීම සඳහා online වෙළෙඳ වෙබ් අඩවි කිහිපයක් සමඟ ද අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව Pickme Market සහ Pickme Food භාවිතා කරමින් රු. 4000කට කට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා රු. 500ක මිල අඩු කිරීමක් ද රු. 2000කට කට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා රු. 400ක මිල අඩු කිරීමක් ද ලබ ගත හැකි වේ. මීට අමතරව, Buyabans.com වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා 52% ක් දක්වා වට්ටමක් ද Mysoftlogic.lk විසින් තෝරාගත් භාණ්ඩ සඳහා 75% ක් දක්වා විශේෂ වට්ටමක් ද ලබා දෙන අතර Singer.lk විසින් මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ලබා දෙයි.

Wishque.com, Kapruka.com, Takas.lk, Daraz.lk, Wasi.lk, Catchme.lk, Lovetubuy.lk සහ WOW යන online වෙළෙඳ වෙබ් අඩවි මගින් ද HNB කාඞ්පත් හිමියන්ට 20% ක් දක්වා මිල අඩු කිරීම් සහ තෝරා ගත් වෙළෙඳ සැල් සමඟින් මාස 6ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් භුක්ති විඳිය හැකිය.

තවද නව පාසල් වාරය වෙනුවෙන් අලූතින් පාසල් උපකරණ ගැනීමට ඇගිලි ගනිමින් සිටින සිසුන්ට ඔවුන්ගේ සියලූම පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේදී Promateworld.com විසින් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා 10% ක මිල අඩු කිරීමක් ද www.atlas.lk/Atlas Myshop විසින් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා පිළිවෙලින් 25%ක සහ 20% ක මිල අඩු කිරීමක් පිරිනමයි. මෙම දීමනා 2023 දෙසැම්බර් 31 වනදා තෙක් ලබා ගත හැකිය.

තවද HNB, Singer, Abans, Softlogic, Damro, Singhagiri, Dinapala Group, Hunters & Company, Quantum Fitness සහ Seetha Holdings වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැසක් සමඟින් ද අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් 75% ක් දක්වා තෝරාගත් භාණ්ඩ සඳහා වට්ටම් හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මෙරට සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් අවස්ථාව ඇත. ඒ අනුව Zam Jems, Raja Jewellers, Arthur De Silva Jewellery, Pure Gold by Tiesh, Fior Drissage Jewellers සහ Mallika Hemachandra යන ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 70%ක් දක්වා වට්ටම් සහ මාස 6ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් හිමි කරගැනීමට අවස්ථාව ඇත. තවද 2023 දෙසැම්බර් 31 වනදා තෙක් Vogue Jewellers, Swarnamahal Jewellers, Pl.Mtt. Muthukaruppan Chettiar Jewellers, Lalitha Jewellers, Colombo Jewellery, Devi Jewellers, Ashadi Jewellers, Diamond Dreams සහ තවත් ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් මාස 6ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් භුක්ති විඳීමට ද අවස්ථාව හිමි වේ.

මීට අමතරව HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 2023 දෙසැම්බර් මස තුන්වන බදාදා දින Pizza Hut වෙතින්  ඕනෑම Large Pan Pizza එකක් මිලදී ගැනීමේදී නොමිලේ Medium Pan Pizza එකක් ලබා ගත හැකි අතර දෙසැම්බර් මස දෙවන අඟහරුවාදා දින Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

ඉහත සඳහන් කළ වට්ටම්වලට අමතරව HNB ක්‍රෙඩිට් කාඞ් හිමියන්ට විවිධාකාර රසවත් සූපවේදී අත්දැකීමක් විඳ ගැනීමට Cinnamon Red, Waters Edge, Movenpick, Galle Face Hotels, Jade, The Mango Tree, PappaRich, Burger King, Popeyes, Baskin Robbins, Delifrance, Crystal Jade, Subway, Maharaja Palace, Mama Louie’s Pizza, Indian Summer, The Brick Lane Coffeehouse, The Four Leafed Clover, Darley Rd. Pub, Legacy සහ තවත් ජනප‍්‍රිය අවන්හල් රැසකින් 20%ක් දක්වා මිල අඩු කිරීම් හිමි කර ගැනීමට හැකියාව ඇත. මේ අතර Junior Kuppanna, Sugar Bistro, Sugar Beach, The Tuna & The Crab සහ තවත් අවන්හල් වෙතින් 15%ක් දක්වා මිල අඩු කිරීම් හිමි කර ගත හැකිය.

තවද Aitken Spence Hotels, The Water Garden – Sigiriya, The Blue Water – Wadduwa, Tribe Yala, Victoria Golf Club – Digana, Joe’s Resorts, Oak Ray Hotels, Pegasus Reef ඇතුළු දිවයිනේ පිළිගත් හෝටල් රැසකින් HNB කාඞ්පත් හිමියන්ට ආකර්ෂණීය වට්ටම් දිනා ගැනීමට ද අවස්ථාව ඇත. මීට අමතරව HNB ප‍්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම සමඟ ද අත්වැල් බැඳගනිමින් දෙසැම්බර් මාසය පුරාවටම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් සඳහා 50%ක් දක්වා වට්ටම් ලබා දෙයි.

HNB හි සුවිශේෂී දීමනා සමඟින් මේ උත්සව සමය පුරාවට සතුටින් විනෝදයෙන් ගත කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *