July 27, 2024
සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලියට Enchanteur පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි
පුවත්

සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලියට Enchanteur පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි

Oct 10, 2023

ලොව ප්‍රකට සන්නාමයක් වන Enchanteur විසින් පසුගියදා කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා ආදි සිසුවියන්ගේ නෙට්බෝල් තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලදී.

දිවයින පුරා පිහිටි පාසල් ගණනාවකට අයත් ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහ නරඹන්නන් 700කට වැඩි පිරිසක් මෙම තරගාවලියට සහභාගී වූහ.

සැමදා නෙට්බෝල් පිටියේ දස්කම් දක්වන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියන් තරගාවලියේ ශූරතාව දිනා ගත් අතර තරගාවලිය පුරා අද්විතීය සටනක් දුන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවියන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම අනුශූරතාව දිනා ගත්තේය.

“තරගකාරී බවින් පිරුණු මෙම නෙට්බෝල් තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන්න ලැබීම ගැන සතුටු වන අතර මෙවැනි ව්‍යාපෘති හරහා ජනතාවගේ සුබසාධනයට දායක වීම සඳහා අප සතු යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න අපි ඉදිරියටත් කටයුතු කරනවා.” Enchanteur කළමනාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා සඳහන් කළේය.

ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteurහි පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන මෙරට තුළ අලෙවි කරනු ලබන්නේ සහ බෙදා හරිනු ලබන්නේ UTN Trading පුද්ගලික සමාගම විසිනි. එම සමාගම තවත් එවැනි නිෂ්පාදන ගණනාවක මෙරට නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *