May 12, 2026
දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 දිනයන් හි කොළඹට
පුවත්

දක්ෂ ගුවන් යානා කාර්මික ශිල්පීන් බඳවා ගැනීම සඳහා එමිරේට්ස් මැයි 19-20 දිනයන් හි කොළඹට

May 12, 2026

ලොව විශාලතම සහ වඩාත්ම ලාභදායී ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි ශ්‍රම බලකාය  සඳහා ලොව පුරා ඉහළ පෙළේ ගුවන් යානා ඉංජිනේරු සහ තාක්ෂණික කුසලතා සඳහා කාර්මික ශිල්පීන් බඳවා ගැනීමේ සැසියක් මැයි 19 සහ 20 යන දිනයන් හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගී වීමට අවශ්‍ය අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/  හි පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. පළපුරුදු කාර්මික ශිල්පීන්හට මෙම සැසියට සහභාගී විය හැකි අතර, එහිදී සහභාගීවන්නන්ට ඩුබායි හි රැකියා අවස්ථා, වේතන සහ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබේ. එමිරේට්ස් හි වෘත්තීය ජීවිතය, ප්‍රගතිය සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ගුවන් සමාගමේ ඉංජිනේරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ද මෙහිදී අවස්ථාව සැලසේ.

එමිරේට්ස් හි, ගුවන් යානා කාර්මික ශිල්පීන් බලපත්‍රලාභී ගුවන් යානා ඉංජිනේරුවන්ගේ මග පෙන්වීම යටතේ ගුවන් සමාගමේ සහ තෙවන පාර්ශවීය ගුවන් යානා නඩත්තු කටයුතු සිදු කරයි. වාණිජ ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අනුමත ආධුනිකත්වයක් හෝ ඊට සමාන සුදුසුකමක් සහ අවම වශයෙන් අවුරුදු 5 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.

ගුවන් සේවය සමඟ එක්වන කාර්මික ශිල්පීන්හට බදු රහිත වැටුපක්, ලාභ බෙදාගැනීමේ අවස්ථා, විශිෂ්ට වෛද්‍ය රක්ෂණයක්, ජීවිත රක්ෂණයක්, අධ්‍යාපන දීමනාවක් සහ සහනදායී භාණ්ඩ ප්‍රවාහන අවස්ථා සහ සේවකයාටත් පවුලේ අය හා මිතුරන් සඳහාත් වට්ටම් සහිත ගුවන් ටිකට්පත් ලබා ගැනීමට හැකියාව ඇත. දේශීයව සහ ගෝලීය වශයෙන් දහස් ගණනක් වෙළඳ නාම සහ සිල්ලර වෙළඳසැල්, සමාජ ශාලා, සායන, ආගන්තුක සත්කාර අලෙවිසැල් හරහා සේවකයින්ට සහ යැපෙන්නන්හට එමිරේට්ස් ප්ලැටිනම් කාඩ්පත හරහා සුවිශේෂී වරප්‍රසාද සහ වට්ටම් පරාසයක් සඳහා ද ප්‍රවේශය හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close