September 8, 2026
AkzoNobel Sri Lanka සමාගමේ Dulux ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහය වෙයි
පුවත්

AkzoNobel Sri Lanka සමාගමේ Dulux ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහය වෙයි

Sep 8, 2026

ජාත්‍යන්තර තීන්ත සහ ආලේපන සමාගමක් වන AkzoNobel, මෙරට වඩාත්ම ප්‍රකට ඓතිහාසික උරුමයන් අතරින් එකක් වන ගාල්ල ප්‍රදීපාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා මෑතකදී දායක විය. AkzoNobel යනු Dulux තීන්ත නිෂ්පාදනය කරන මවු සමාගම වන අතරර, මෙම වටිනා උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අරමුණ විය.  

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලුකොටුව තුළ පිහිටි ගාල්ල ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රදීපාගාරය ලෙස සැලකේ. මෙය ගාලු කොටුව තුළ පමණක් නොව, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මෙන්ම මුළුමහත් ශ්‍රී ලංකාවේම ජනප්‍රියම ස්ථානවලින් එකකි. 19 වන සියවසේ මැද භාගයේ ඉදිකරන ලද මෙම සුවිශේෂී ප්‍රදීපාගාරය අදටත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ඓතිහාසික ස්ථානයක් ලෙස පවතී.

“ශ්‍රී ලංකාව වැනි ප්‍රෞඪ ඉතිහාසයක් හා උරුමයක් හිමි රටක ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කමක් සහිත ස්ථාන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණයකිරීම සඳහා දායක වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. මෙම ව්‍යාපෘතිය අපට විශේෂ වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක්. ශ්‍රී ලංකාවේ වෙරළබඩ දේශගුණ තත්වයන්ගෙන් එල්ල වන අභියෝගවලින් මෙවැනි ඓතිහාසික ස්මාරක ආරක්ෂා කිරීම සඳහා, ඒ වෙනුවෙන්ම නිෂ්පාදිත විශිෂ්ටතම තලයේ නිෂ්පාදන භාවිතා කළ යුතුයි. එවැනි තීන්ත හා ආලේපන රැසක්අප සතුව තිබෙනවා.” AkzoNobel Paints Lankaසමාගමේ අලෙවිකරණ ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසීය.

ගාලු උරුමය පදනම (Galle Heritage Foundation), ගාලුකොටුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් AkzoNobel සමාගම, ප්‍රදීපාගාරය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වර්ණ ගැන්වීමක් සිදු කළ අතර, විශේෂිතආරක්ෂිත ආලේපනයක්ද ගල්වන ලදි. මෙමඟින් වෙරළබඩ පරිසරයේ අභියෝගවලින් ප්‍රදීපාගාරයට දීර්ඝ කාලයක් පුරා ආරක්ෂාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගාල්ල ප්‍රදීපාගාරය දැඩි හිරු එළියට, අධික වර්ෂාපතනයට සහ ලවණ මිශ්‍ර වාතයට නිතරනිරාවරණය වන බැවින්, මෙම පරිසර තත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන පරිදි එය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත්ය. එබැවින් ප්‍රතිසංස්කරණ කණ්ඩායම මුලින්ම ප්‍රදීපාගාරය මතුපිට රැඳී තිබුණු දිලීර සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව එය ජලයෙන් සහ කාලගුණික බලපෑම්වලින් ආරක්ෂා කරන ආලේපන භාවිතා කරමින් වර්ණ ගැන්වීම සිදුකරන ලදි.

මෙම ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ලද නිෂ්පාදන අතරට Dulux Fungicidal Wash, Dulux Interior & Exterior Sealer, Dulux AquaTech Max Waterproofing සහ Dulux Weathershield Powerflexx ආදිය ඇතුළත් වේ. මේ සියල්ල නිෂ්පාදනය කර ඇත්තේ උසස්ම ප්‍රමිතියෙන් යුතුව, ආකර්ෂණීය පෙනුමක් සමඟින් දීර්ඝකාලීන ආරක්ෂාවක් ලැබෙන පරිද්දෙනි.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන AkzoNobel Paints Lankaසමාගම ඉටුකරමින් සිටින පුළුල් ආයතනික සමාජ මෙහෙවරක කොටසක් වන අතර, ප්‍රජා දායකත්වය සහ දේශයේ සංස්කෘතික උරුමයන් තිරසාර ලෙස ආරක්ෂා කරගැනීම එහි ප්‍රධානතම අරමුණු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close