January 17, 2025
Luvnarich International සමාගමේ Dr. Miracle හා Frozen සන්නාම Grand Achievers සම්මාන දිනයි
පුවත්

Luvnarich International සමාගමේ Dr. Miracle හා Frozen සන්නාම Grand Achievers සම්මාන දිනයි

Mar 30, 2024

Luvnarich International පෞද්ගලික සමාගමේ Dr. Miracle සහ Frozen සන්නාම Grand Achievers’ Awards සම්මාන උළෙලේදී පිළිවෙළින් වඩාත් ප්‍රතිපලදායක මානව සුවතා සන්නාමය සහ තරුණ බව රැක දෙන විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයන්ට පාත්‍ර විය. Lanka Achievers Foundation ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මහාචාර්ය මදු ක්‍රිෂාන් එහි ප්‍රධාන ආරාධිතයා විය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය බිනා ගාන්ධි ඩියෝරි, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් සහ 2023 මිස් අර්ත් ශ්‍රී ලංකා වියානා පීටර්ස්ද ඊට සහභාගී වූහ.

බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට උපකාර වන තේ, ඖෂධීය වටිනාකමින් යුතු ශාකසාර පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා තේ වර්ග ලෙස, කරල් ලෙස සකසා Dr. Miracle සන්නාමයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරේ. මොරවක වෙද ගෙදර අධීක්ෂණයෙන් නිපදවන එම සෑම නිෂ්පාදනයකටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය තිබේ. ISO 9001 හා 22000, HACCP, GMP සහ Organic License වැනි දේශීය සහ විදේශීය තත්ත්ව සහතික රැසක්ද දිනා ගැනීමට Dr. Miracle සන්නාමයට හැකි වී තිබේ. Frozen සන්නාමයෙන් තරුණ බව රැක ගැනීමට උපකාර වන නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. ලොව උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍යවලින් යුරෝපීය තාක්ෂණයෙන් නිපදවන එම නිෂ්පාදනද GMP වැනි තත්ත්ව සහතික රැසක් දිනා ඇත. Frozen සන්නාමයෙන් වෙළෙඳපොළට පැමිණෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි දහවල් කාලය පුරා සම ආරක්ෂා කරන දිවා ක්‍රීම් වර්ග, රාත්‍රී කාලය පුරා සම පෝෂණය කරන රාත්‍රී ක්‍රීම් වර්ග, ක්ලේන්සර්, ටෝනර්, බොඩි ලෝෂන්, ෆූට් ක්‍රීම් වැනි නිෂ්පාදනවල බැර ලෝහ හෝ ශරීරයට හානිකර කිසිම ද්‍රව්‍යක් අඩංගු නොවන බව තත්ත්ව සහතිකවලින් සනාථ කර ඇත. “අපි ඉදිරියටත් පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියේ නිෂ්පාදන සපයන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්මාන ද්විත්වය දිනා ගැනීම ඒ සඳහා සුවිශාල ශක්තියක්.” Luvnarich International කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී කල්ප උදාන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close