July 27, 2024
DOUBLE XL ශ්‍රී ලංකාවේ විලාසිතා විප්ලවයක් ආරම්භ කරමින් සිය Freedom විලාසිතා එකතුව එළිදක්වයි
පුවත්

DOUBLE XL ශ්‍රී ලංකාවේ විලාසිතා විප්ලවයක් ආරම්භ කරමින් සිය Freedom විලාසිතා එකතුව එළිදක්වයි

Oct 11, 2023

2023 DOUBLE XL සිය Freedom විලාසිතා එකතුව සිය ප්‍රධාන වෙළඳසැලේ වෙනස්ම ආකාරයේ උත්සවයකදී එළිදක්වමින්, තම ශරීරය ගැන ධනාත්මකව සිතීමට පුරෝගාමී වූ සන්නාමයක් ලෙස ශ්‍රී ලංකාවේ විලාසිතා ගමන්මග තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. දශකයකට වැඩි කාලයක් පුරා සුපුරුදු විලාසිතාවන් අභියෝගයට ලක් කරමින් තමන්ගේ සිරුර ගැන ආඩම්බරවන්න, ඔබේ සිරුරේ සුන්දරත්වය දකින්න යන පණිවිඩ ප්‍රවර්ධනය කරන ව්‍යාපාරයක් ලෙස DOUBLE XL මේ වන විට ඉදිරියෙන්ම සිටිනවා.

2010 වසරේ සමාරම්භයේ සිට, Double XL සාම්ප්‍රදායික සුන්දරත්වයේ ප්‍රමිතීන් බිඳ දමමින් සෑම ශරීර හැඩයක්ම සුන්දරබව සමාජගත කරන මෙහෙවරක යෙදී සිටී. විවිද ශරීර හැඩයන්වලට ඔබින විලාසිතා සහ ඇදුම්, පැළදුම් වටා ඇති සම්මතයන්ට අභියෝග කිරීමට මුලපිරීමක් ලෙස ආරම්භ වූ මෙම මෙහෙවර, ශ්‍රී ලාංකේය විලාසිතා අඹර තුළ අද වන විට විප්ලවීය වෙනසක් බවට පත්වී ඇත. විවිධත්වය සහ සාමූහිකත්වය තුළින් විලාසිතා සන්නාමයකින් ඔබ්බට යමින්, එහි ගනුදෙනුකරුවන් අතර ආත්ම විශ්වාසයක් ගොඩනැගීමටද සමත් විය.  

ඉතාම උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක් වූ Freedom විලාසිතා එකතුව, Double XL සන්නාමයේ මෙහෙවර වෙනුවෙන් ඇති කැප වීම ගැන පිළිබිඹු වන තවත් එක් අවස්ථාවකි.  සියලුම ශරීර හැඩයන් සහ ප්‍රමාණයන්ට සරිලන ඉතා උසස් මට්ටමේ මෝස්තර පෙළක් වන මෙම එකතුව Double XL සන්නාමයේ ආචාරධර්ම ගැන කදිම නිදසුනකි – එ් “විලාසිතාවන්ට සීමාවන් නොමැත”. මෙම එකතුවෙහි ඇති සෑම ඇඳුමක්ම එක්නෙකාට අනන්‍ය වූ, සුන්දරත්වය සමරන, බාධාවකින් තොරව තමාගේ කැමැත්ත, සහ තමන්ගේ විලාසිතාවන් කිරීමට ඇති  නිදහස අගයයි.

මෙම එකතුව එළිදැක්වීම ‍ පිළිබඳව අදහස් දක්වමින් Double XL හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂිකා අධීෂා දහනායක මෙසේ පැවසීය: “2010 දී සම්මත ශරීර ස්වභාවයන් ගැන ඇති ආකල්ප බිඳ දමමින්  තරමක් විශාල සිරුරු ඇති පුද්ගලයින් වෙනුවෙන්ම ආරම්භ කළ සන්නාමයකි.  අද මෙම පණිවිඩය අපගේ නොව, එය තමාට ආදරය කරන, තමා ගැන පිළිගැනීමතක් තිබෙන  සෑම පුද්ගලයෙකුටම අයත් වේ. Freedom විලාසිතා එකතුව යනු අප එක්ව ඇරම්ඹු සාමූහික ගමනේ කූටප්‍රාප්තියයි, අප නියෝජනය කරන නිදහසේ සංකේතයකි – ඔබ, ඔබම වීමේ නිදහසයි.

ශ්‍රී ලාංකේය විලාසිතාව වෙනුවෙන් Double XL ඇඳුම් පැළඳුම්වලින් ඔබ්බට ගිය බලපෑමක් ඇති කාරීමට සමත්ව ඇත. මෙම සන්නාමය තම ශරීරය සම්බධව ධනාත්මක සිතීමට අවැසි බවට සංවාදයක් අරඹා ඇත. සම්මතයන්ට අභියෝග කරමින්, Double XL විවිධත්වය සමරමින් සහ සුන්දරත්වය නැවත නිර්වචනය කරන නව යුගයකට මග පෑදා ඇත.

Freedom විලාසිතා එකතුව එළිදැක්වූ උත්සවයට ප්‍රසිද්ධ පුද්ගලයන්, විලාසිතා ලෝලීන් සහ සන්නාමයට අනුග්‍රහය දක්වන්නන් සහභාගී වූ අතර මෙය ජනප්‍රිය තරු පිරි කටයුත්තක් විය. මෙම උත්සවය සුවිශේෂී මෝස්තර ප්‍රදර්ශනය කළා පමණක් නොව ධනාත්මක ශරීර ප්‍රතිරූපයක් ප්‍රවර්ධනය කිරීමට සහ පුද්ගලයන් ගේ ආකල්ප සවිබල ගැන්වීමට Double XL හි කැපවීම යළි තහවුරු කිරීමේ වේදිකාවක්ද විය. Freedom විලාසිතා එකතුව සමග ශ්‍රී ලංකාවේ විලාසිතා ලෝලීන්ට දැන් සහ විවිද ශරීර හැඩයන් සහ විලාසිතාවේ සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට ගිය සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකිවනු ඇත. සඳුදා සිට ඉරිදා තෙක් පෙ.ව. 10 සිට ප.ව. 8 දක්වා කාලය තුළ, නො. 104 දරණ  රීඩ් මාවත, තුම්මුල්ල හන්දියේ පිහිටි ප්‍රමුඛ පෙළේ Double XL වෙළෙඳසැලට පැමිණ මෙම නවතම එකතුව මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට කෙරෙන දයාබර ඇරයුමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *