DBL හරහා Dongcheng අත් මෙවලම් ශ්රී ලංකා වෙළෙඳපොළට
ලොව ප්රකට මෙවලම් සන්නාමයක් වන Dongcheng සිය නව අත් මෙවලම් (Hand Tools) පෙළ ශ්රී ලංකාවට හඳුන්වා දෙමින් මෙරට සිය නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කර තිබේ. මෙතෙක් බල මෙවලම් (Power Tools) ක්ෂේත්රයේ ශක්තිමත් පැවැත්මක් ගොඩ නඟා ගෙන ඇති Dongcheng නව අත් මෙවලම් පෙළ හරහා ඉදි කිරීම්, මෝටර් කාර්මික සහ වෘත්තීය කාර්මික ක්ෂේත්ර ඉලක්ක කරයි. Dongchengහි ශ්රී ලංකාවේ දේශීය බෙදා හරින්නා වන Deen Brothers Imports (DBL) Pvt Ltd විසින් නව නිෂ්පාදන පෙළ කොළඹදී පැවති Constructor 2026 ප්රදර්ශනයට සමගාමීව නිල වශයෙන් එළි දක්වන ලදී. හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය මහතා ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම අවස්ථාවට ඉදි කිරීම්, දෘඩාංග සහ යන්ත්රෝපකරණ ක්ෂේත්ර නියෝජිතයන්, අලෙවි නියෝජිතයන්, ව්යාපාර හවුල්කරුවන් ඇතුළු පාර්ශ්ව රැසක් එක් වී සිටියහ. වෘත්තීය කාර්මිකයන්ගේ සහ ඉදි කිරීම් ක්ෂේත්රයේ නියුතු වෘත්තිකයන්ගේ අවශ්යතා සැළැකිල්ලට ගනිමින් හඳුන්වා දී ඇති මෙම අත් මෙවලම් පෙළ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ ප්රායෝගික ක්රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කර ඇත. Dongchengහි දැනට පවතින බල මෙවලම් පෙළට අමතරව අත් මෙවලම් හඳුන්වා දීමත් සමඟ ශ්රී ලංකාවේ මෙවලම් වෙළෙඳපොළ තුළ සන්නාමයේ නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් වේ. මෙම හඳුන්වා දීම DBLහි යන්ත්රෝපකරණ සහ බලමෙවලම් පරාසය පුළුල් කිරීමේ තවත් පියවරක් වන අතර ශ්රී ලංකාවේ යන්ත්රෝපකරණ සහ මෙවලම් ක්ෂේත්රය තුළ සමාගමේ මෙහෙයුම් තව දුරටත් ව්යාප්ත කිරීමකි.
1940දී මාතරදී කුඩා ව්යාපාරයක් ලෙස ආරම්භ වූ DBL කළමනාකරණ අධ්යක්ෂ එම්. එන්.එම්. නජීබ් ඩීන් මහතාගේ නායකත්වය යටතේ ඉහළ වර්ධනයක් ලබා තිබේ. අද වන විට සමාගම අනුබද්ධ සමාගම් පහක් පවත්වා ගෙන යන අතර 350කට අධික පිරිසකට රැකියා සපයමින් දිවයින පුරා අලෙවි නියෝජිතයන් 500කට අධික ජාලයක් ගොඩ නඟා ඇත. කොළඹ නවීන ව්යාපාර සංකීර්ණයක්ද පවත්වා ගෙන යන DBL ජාත්යන්තරව පිළිගත් සන්නාම යටතේ බල මෙවලම්, දැව වැඩ යන්ත්රෝපකරණ, ජල පොම්ප, කොන්ක්රීට් කැපුම් යන්ත්ර, විදුලි ජනක යන්ත්ර, කෘෂිකාර්මික උපකරණ, තණකොළ හා උද්යාන නඩත්තු උපකරණ, ඉදි කිරීම් උපකරණ සහ අත් මෙවලම් ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයක් බෙදා හරියි. ඒ සමඟ අමතර කොටස් සහ උපාංගද සමාගම විසින් සපයනු ලබයි. Dongcheng අත් මෙවලම් එක් වීමත් සමඟ DBLහි නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් වන අතර දිවයින පුරා විහිදුණු සිය අලෙවි නියෝජිත ජාලය හරහා ඉදි කිරීම් හා දෘඩාංග ක්ෂේත්රයේ වෘත්තීය පරිශීලකයන්ට පුළුල් මෙවලම් පරාසයක් වෙත පහසු ප්රවේශයක් සැපැයීමට සමාගම අපේක්ෂා කරයි.

