March 2, 2024
TAGS Awards 2023 හිදී DIMO සම්මාන හතරකින් පිදුම් ලබයි
පුවත්

TAGS Awards 2023 හිදී DIMO සම්මාන හතරකින් පිදුම් ලබයි

Dec 21, 2023

පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන හතරකින් පිදුම් ලැබීමට DIMO සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී, ආයතනික වාර්තාකරණය වෙනුවෙන් දක්වන කැපවීම උදෙසා DIMO මෙම සම්මානයන්ට පාත්‍ර විය.

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා වූ රන් සම්මානයේ සම-ජයග්‍රහණය දිනාගත් අතර Diversified Holdings – Group Turnover up to 50Bn කාණ්ඩයේද රන් සම්මානය දිනා ගැනීමට DIMO සමත් විය. තවද ඩිජිටල් යුගයේ ආයතනික වාර්තාකරණය වෙනුවෙන් සමාගමේ නව්‍ය ප්‍රවේශය උදෙසා Digitally Transformative Reporting අංශයේ රිදී සම්මානයේ සම-ජයග්‍රාහකයෙකු ලෙස DIMO පිදුම් ලැබූ අතර අවසාන වශයෙන්, Sustainability Reporting අංශයේ  විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම වෙනුවෙන් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීමටද සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *