July 27, 2024
Digital Ear, ශ්‍රී ලාංකේය Audio කර්මාන්තයට නව ජීවයක් එක් කළ දශකයක මෙහෙවර සමරයි
පුවත්

Digital Ear, ශ්‍රී ලාංකේය Audio කර්මාන්තයට නව ජීවයක් එක් කළ දශකයක මෙහෙවර සමරයි

Oct 27, 2023

මෙරට උසස්ම තත්වයේ ශ‍්‍රව්‍ය (Audio) විසඳුම් හා සුඛෝපභෝගී lifestyle නිෂ්පාදන බෙදාහරින්නකු වන Digital Ear පසුගියදා සිය විශිෂ්ටත්වයේ 10 වැනි සංවත්සරය සමරන ලදී.

ගෝලීය සැපයුම්කරුවන් හා දේශීය පාරිභෝගිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 150ගේ සහභාගීත්වයෙන් කොළඹ Virticle by Jetwing හිදී සමරනු ලැබූ මෙම සුවිශේෂී උත්සවයේදී සමාගමේ 10 වසරක සංවත්සර ලාංඡනය එළිදැක්වීමද සිදු විය. තවද එහිදී සැපයුම්කරුවන්ගේ කෘතඥතාව හා සුබ පැතුම් පළ කිරීමට අමතරව පාරිභෝගිකයින් අගය කිරීමටද Digital Ear කටයුතු කරන ලදී. 

මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ Digital Ear හි නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ  හරේන් පෙරේරා මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ශ්රව් (Audio) විශිෂ්ටත්වය ඉහළ නැංවීමේ දශකයක කාලයක් සැමරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා. මීට දශකයකට පෙර රට තුළ ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් ශ‍්‍රව්‍ය විසඳුම් ලබා දීමේ අරමුණින් යුතුව අපි Digital Ear ආරම්භ කළා. අද වන විට ශ්‍රී ලාංකිකයින් වෙත පරිපූර්ණ ශ‍්‍රව්‍ය විසඳුම් ලබා දීමට අපට හැකිවී තිබෙනවා. විශේෂයෙන් මෙම දශකයක කාලය තුළදී මෙරට ශ‍්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තය නඟා සිටුවීමට මෙන්ම ශ‍්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේ සීමාවන් අභිබවා යමින් අපගේ ජාත්‍යන්තර තත්වයේ නිෂ්පාදනයන් හරහා සුවහසක් පාරිභෝගිකයින්ට හා ව්‍යාපාරවලට ශබ්ද තාක්ෂණයේ නව මානයන් අත්විඳීමේ අවස්ථාව සළසා දීමට හැකිවීම පිළිබඳව අප ඉතාමත් ආඩම්බර වෙනවා.”  යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හරේන් පෙරේරා මහතා අපගේ සන්නාමයන් පිළිබඳ විශ්වාසය තැබූ විශ්වාසවන්ත පාරිභෝගිකයින්, අපට සහයෝගය ලබා දුන් සැපයුම්කරුවන් මෙන්ම අපගේ විශිෂ්ට කණ්ඩායමේ කැපවීම හේතුවෙන් මෙම සාර්ථකත්වය උදාකර ගැනීමට අපට හැකිවූ බව සඳහන් කළ යුතුයි. දස වසරක අභිමානවත් සංධිස්ථානය සමරන මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින් වෙත ශබ්දයේ විචිත‍්‍රවත් බව හඳුන්වා දීම වෙනුවෙන් දස වසරක් පුරා අපගේ මෙහෙයුම් වෙත සුවිසල් දායකත්වයක් ලබා දුන් පාර්ශවකරුවන්ට මාගේ හද පිරි ස්තුතිය පුද කර සිටිනවා  යනුවෙන්ද පවසා සිටින ලදී.

නිවාස හා වාණිජ අවකාශයන් සඳහා අති නවීන ශ‍්‍රව්‍ය විසඳුම් ලබා දීම කෙරෙහි විශේෂඥතාවක් දක්වන Digital Ear, Void, Synergistic Research, NAD ඇතුළු ශ‍්‍රව්‍ය කර්මාන්තයේ සන්නාම 20ක අත්දැකීම් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත්ව ඇත. ඊට අමතරව පාරිභෝගිකයාට ගැළපෙන උසස් තත්වයේ lifestyle නිෂ්පාදන හඳුන්වා දී ඇති Digital Ear, Smart අගුළු (smart locks), නිවාස ස්වයංක‍්‍රීයකරණ පද්ධති (home automation solutions), gaming tables සහ bespoke bars වැනි විනෝදජනක දිවියකට අවැසි විවිධ නිෂ්පාදන රැසක්ද පාරිභෝගිකයින් වෙත තිළිණ කර ඇත.

ගෙවුණු දශකයක කාලය තුළ Digital Ear විසින් සිදු කරනු ලැබූ සුවිශේෂී ව්‍යාපෘති ලෙස නෙළුම් පොකුණ, ස්ටෙයින් (Stein) ස්ටුඩියෝ සහ Jetwing හෝටල් නම් කළ හැකිය. දශකයක් තූළ අත් කරගත් පළපුරුද්ද සහ ගුණාත්මකභාවය මෙන්ම නවෝත්පාදන හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් සිදු කළ සුවිසල් කැපවීම සමඟින් තවදුරටත් පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයා වෙත ලබා දීමට බලාපොරොත්තු වන Digital Ear, දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපෘති සමඟ සහයෝගීතාව ඉහළ නැංවීමටත්, ලොව හොඳම ශ‍්‍රව්‍ය විසඳුම් හා ආකර්ෂණීය lifestyle නිෂ්පාදනයන් සමඟ එක්ව සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් වෙත අඛණ්ඩව සේවාව ලබා දීමටත් අරමුණු කොට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *