October 27, 2025
DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි.
පුවත්

DFCC බැංකුව සිය 70 වැනි සංවත්සරයට සමගාමීව ආකර්ෂණීය පොලී අනුපාතිකයක් සමගින් “DFCC Fixed Deposit Bonanza” ප්‍රවර්ධන වැඩසටහන හදුන්වාදෙයි.

Sep 17, 2025

DFCC බැංකුව 70 වසරක විශ්වාසය සහ ප්‍රගතිය සමරමින්, ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත ලබාදෙන “DFCC Fixed Deposit Bonanza” වැඩසටහන සමඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

මෙම වැඩසටහන යටතේ, ගනුදෙනුකරුවන්ට  දින 100 සහ 200ක කෙටිකාලීන තැන්පතු සදහා, වාර්ෂික පොලී අනුපාතිකය කල්පිරීමේදී 7.5% (වාර්ෂික සඵල පොලී අනුපාතිකය පිළිවෙලින් 7.71% සහ 7.63%) ලබාදෙන අතර දින 300 තැන්පතු සඳහා 8.0% ලබාදෙනු ලැබේ. (වාර්ෂික ඵලදායි පොලී 8.06%) ලැබේ.
දිගුකාලීන ආයොජන සදහා,  වසර 5ක තැන්පතු සඳහා වාර්ෂිකව 11.5% (වාර්ෂික සඵල පොලී 9.51%) ඉහළ පොලී අනුපාතිකයක් ලබා දෙන අතර, වසර 2, 3, සහ 4 යන තැන්පතු සඳහා ද ආකර්ෂණීය පොලී අනුපාතිකයන් ලබාදෙනු ලැබේ.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ බැංකුසේවා සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, “වසර 70ක් සම්පූර්ණ කිරීම යනු අප ලබා ඇති ජයග්‍රහණ ගැන පමණක් ආපසු හැරී බැලීමක් විතරක්ම නෙවෙයි. අපගේ ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමයි. මෙම “Fixed Deposit Bonanza” වැඩසටහන මඟින්, අපගේ ගනුදෙනුකරුවන්ට හොඳම විකල්පයන් ලබා දෙනවා. ඒ වෙළඳපොළේ ඉහළම පොලී අනුපාත සමඟින් කෙටි කාලීනව හෝ දිගුකාලීනව අවශ්‍යතා  ආයෝජන අවස්ථා සපුරාලීමට අවස්ථාව ලබාදීමයි. DFCC ස්ථාවර තැන්පතු දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා ජාලය හරහා ලබා ගත හැකි අතර ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආයෝජන වලට උපරිම ප්‍රතිලාභ දීමට වසර 70ක ජනතා විශ්වාස දිනු  බැංකුවක් ලෙස DFCC බැංකුව නිරතුරුවම බැදී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close