July 26, 2024
රුපියල් මිලියk 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්
පුවත්

රුපියල් මිලියk 40ක ආයෝජනයකින් කැන්ඩියන් රීච් හෝටලයට Deluxe කාමර 17ක්

Nov 15, 2023

කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන කැන්ඩියන් රීච් හෝටලය පසුගියදා රුපියල් මිලියන 40ක ආයෝජනයකින් කාමර 17ක් Deluxe කාමර බවට පත් කරමින් හෝටලයේ ප්‍ර;sසංස්කරK කටයුතු නිම කළ බව එහි කළමණාකාර අධ්‍යක්ෂ චන්දන අබේරත්න මහතා සඳහන් කළේය. සමස්ත කාමර 35කින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය මෙම නව ප්‍රතිසංස්කරණයත් සමඟ නව මුහුණුවරකින් යුතුව දෙස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කර ඇත. එසේම ඉදිරියේදී තරු හතර කාණ්ඩය හිමි කර ගැනීම සඳහා අයැදුම් කිරීමටද කැන්ඩියන් රීච් හෝටලය අපේක්ෂා කරයි. එසේම බාහිරින් ආහාර පාන මිල දී ගත හැකි වන පරිදි Food Outlet එකක් ඉදි කිරීමටද ඉදිරියේදි කටයුතු සූදානම් කරමින් සිටින බව සාමාන්‍යධිකාරි දිනේෂ් දසනායක මහතා පැවසීය.

කුරුණෑගල නගරයට ඉතා ආසන්නව කුරුණෑගල මහනුවර පාරේ පිහිටා ඇති කැන්ඩියන් රීච් හෝටලය අමුත්තන් 350කට පහසුකම් සැපයිය හැකි ග්‍රෑන්ඩ් බෝල් රූම් නමැති උත්සව ශාලාවකින්, අමුත්තන් 150කට පහසුකම් සැපයිය හැකි ක්‍රවුන් නමැති උත්සව ශාලාවකින්, අමුත්තන් 70කට පහසුකම් සැපයිය හැකි ඔලිව් ග්‍රීන් නමැති උත්සව ශාලාවකින් සමන්විත වේ. ඊට අමතරව අමුත්තන් 25කට පහසුකම් සැපයිය හැකි සම්මන්ත්‍රණ ශාලාවක්ද කැන්ඩියන් රීච් හෝටලය සතුය.

මීට අමතරව පිහිනුම් තටාකයකින්, ප්‍රධාන ආපන ශාලාවකින් සහ මේන් බාර් එකකින් සමන්විත කැන්ඩියන් රීච් හෝටලය විවාහ මංගලෝත්සව, උපන් දින සාද, කාර්යාලීය සම්මන්ත්‍රණ, සමුළු පැවැත්වීම සදහා ප්‍රසිද්ධියක් උසුලයි. සාධාරණ මිලකට උපරිම විවිධත්වයකින් යුතු රසවත් ආහාර වේලක් භුක්ති විඳීමට ඔබට කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලය වෙත පැමිණිය හැකිය. කැන්ඩියන් රීච් හෝටලය වෙත ආහාර පාන ගැනීමට එන පාරිභෝගිකයන්ට විශේෂ මිළ ගණන් යටතේ විශේෂ ආහාර වට්ටෝරු සහ පැකේජ රැසක් හඳුන්වා දී ඇත. විශේෂ Day Outing පැකේජ කිහිපයක්ද කැන්ඩියන් රීච් හෝටලය විසින් සිය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *