July 27, 2024
කොමර්ෂල් බැංකුව UNDP සමඟ සමාජ ව්‍යවසාය අවකාශය දියුණු කිරීමට කැපවෙයි
පුවත්

කොමර්ෂල් බැංකුව UNDP සමඟ සමාජ ව්‍යවසාය අවකාශය දියුණු කිරීමට කැපවෙයි

Jan 24, 2024

කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොල කාන්තා සමිතියට ආහාර විජලන යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලද අතර, එය සමාජ ව්‍යවසාය අවකාශය කෙරෙහි බැංකුවේ අවධානය යොමු කිරීමේ කොටසක් ලෙස සිදුකරන ලදී.

මෙම ප්‍රදානය හිමිවූ ප්‍රතිලාභියා වන ‘සිතමු කාන්තා මහා සංගමය’ විසින් මෙම යන්ත්‍ර භාවිතයට ගනු ලබන අතර, අවාරයේදී භාවිතය සඳහා කොස්, දෙල්, පලතුරු, එළවලු සහ අනෙකුත් කුළුබඩු නිෂ්පාදන තොග වියළීම සඳහා එම යන්ත්‍ර භාවිත කරණු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ගෝලීය පාරිසරික පහසුකම් (GEF) සුළු සහනාධාර වැඩසටහන සමග සහයෝගීතාවයෙන් මෙම මුලපිරීම ආරම්භ කරන ලදී. ප්‍රදේශයට ආහාර වියළන තාක්‍ෂණය හඳුන්වා දීම සහ ආහාර වියළන මධ්‍යස්ථාන පිහිටුවීම ඒ ආශ්‍රිත සංවර්ධනයට හේතුවන අතර, ගමේ ආර්ථිකය නඟාසිටුවීමට හේතුවන වියළි ආහාර සහ ඇසුරුම්වල අගය එකතු කිරීම් වැනි ව්‍යාපාරික මාර්ග සඳහාද එය ඉවහල් වනු ඇත.

ව්‍යාපාරික ධාරිතා ගොඩනැඟීම මෙන්ම, පුළුල් ව්‍යාපාර සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට UNDP සංවිධානය ප්‍රතිලාභියාට සහාය වන බව බැංකුව ප්‍රකාශ කර සිටියි.

ආහාර විජලනය කිරීමේ පහසුකම් මගින් ගම්වාසීන්ට වසර පුරා තිරසාර ආහාර ප්‍රභවයක් සපයන අතර, අමතර ආදායමක්ද හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *