Deepal Sri Lanka ඉලෙක්ටි්‍රක් වාහන කේෂ්ත්‍රයේ නව සන්දිස්ථානයක් සනිටුවහන් කරමින්, ශ්‍රී ලංකාවේ පළමුවරට Deepal EV Mobile App හඳුන්වාදෙයි
සොනොක් සමූහයේ ගෞරවනීය සාමාජිකයෙක් වන Prime EV Automobiles (Pvt) Ltd හී Deepal Sri Lanka සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ ඉලෙක්ටි්‍රක් වාහන ඉතිහාසයේ නව සන්දිස්ථානයක් සනිටුවහන් කරමින්, Deepal EV පාරිභෝගිකයන් හට තම ඉලෙක්ටි්‍රක් මෝටර් රථය දුරස්ථව පාලනය කිරීමට හා කළමණාකරනය කිරීමට හැකියාව ඇති ශ්‍රී ලංකාවේ එකම EV Smart Mobile App නිළ වශයෙන් හඳුන්වා දීම 2025 දෙසැම්බර් 15 වන දා එම ප්‍රදර්ශනාගාරයේදී සිදු විය.
මෙම සන්දිස්ථානීය හදුන්වාදීම පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදන සහ ස්මාර්ට් ප්‍රවාහන කේෂ්ත්‍රයේ නව මිනුම් ලකුණක් තබමින් ශ්‍රී ලංකාවේ Deepal ඉලෙක්ටි්‍රක් මෝටර් රථ හිමියන් සඳහා, සම්පූර්ණයෙන් ඒකාබද්ධ වූ බුද්ධිමත් ඩිජිටල් පරිසර පද්ධතියක් ලබා දෙන පළමු ශ්‍රී ලාංකීය වාහන සන්නාමය ලෙස Prime EV Automobiles (Pvt) Ltd හී Deepal Sri Lanka සනිටුවහන් වෙයි.
මෙම මොබයිල් යෙදුම (App) හඳුන්වාදීම පසුගිය දා කොළඹ පිහිටි Deepal ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී, සෙනොක් සමූහයේ, Prime EV Automobiles ආයතනයේ සහ Deepalහී මව් සමාගම වන චීනයේ පිහිටි Changan Global ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි. මෙහිදී Prime EV Automobiles සහ චීනයේ Changan Global ආයතන අතර ඇති හවුල්කාරීත්වය හරහා ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ නව තාක්ෂණයන් හඳුන්වා දීම පිළිබඳව ද අවධාරණය කෙරිනි.
ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ටි්‍රක් වාහන සඳහා යටිතල පහසුකම් වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන අවස්ථාවක, ගෝලීය මෝටර් රථ කේෂ්ත්‍රය ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් ප්‍රගමණය වන විට මෙම Deepal Smart App හරහා ශ්‍රී ලංකාවේ ඉලෙක්ටි්‍රක් මෝටර් රථ කේෂ්ත්‍රයට නවමු අත්දැකීමක් එක් කරනු ඇත.
Changanහි උසස් ගෝලීය තාක්ෂණයන් යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම යෙදුම (App) හරහා Deepal මෝටර් රථ හිමියන් හට තම වාහනය සජීවීව පාලනය කිරීමේ හැකියාව ඇත. ජාත්‍යන්තර වෙළඳපොලේ මෝටර් රථ හිමියන්ට ලබා දෙන ආරක්ෂාව හා සුව පහසුව එකම ප්‍රමිති මට්ටමකට ශ්‍රී ලංකාව හටද ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ඕනෑම ස්ථානයක සිට මෝටර් රථ හිමියාට තම වාහනයේ බැටරියේ ප්‍රමාණය (Battery percentage), ධාවනය කළ හැකි දුර (Km ගණන), වායු සමීකරණ පද්ධතිය හැසිරවීම හා අනෙකුත් තොරතුරු සජීව නිරීක්ෂණය හා කළමණාකරණය කළ හැක. එමෙන්ම මෙම යෙදුම (App) මගින් මෝටර් රථයේ දොර අගුළු ස්වයංකීයව විවෘත කිරීම, පිටුපස දොර විවෘත කිරීම, පැති කණ්නාඩි සැකසීම සිදු කළ හැක. තවද Vehicle Access Sharing පහසුකම හරහා මෝටර් රථ හිමියාට පවුලේ සාමාජිකයන්ට හෝ වෙනත් පුද්ගලයෙක් සඳහා තාවකාලික හෝ ස්ථාවර පදනම යටතේ භාවිතයට අවසර (digital keys) ලබාදිය හැකි අතර එය මෝටර් රථයේ ආරක්ෂාව හා පදවන්නාගේ සුව පහසුව වැඩි කරනු ඇත. මෙම තාක්ෂණික යෙදුම හරහා මෝටර් රථය පාලනය කිරීමේ සියලුම අවස්ථා හිමිකරුගේ ඇගිලි තුඩුවලට ලබා දී ඇත. මෙමගින් ආරක්ෂා සුව පහසුව හා ආතතියකින් තොරව මෝටර් රථය ධාවනය කළ හැක.
ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොල තුළ මෙතෙක් හඳුන්වා නොදුන් මෙවන් තාක්ෂණයෙන් යුත් EV Smart Mobile යෙදුම (App) පළමු වරට හඳුන්වා දීම, Prime EV Automobiles විසින් මෝටර් රථ කේෂ්ත්‍රය උසස් තාක්ෂණික මට්ටමකට අනාගතය වෙත රැගෙන යාමට තැබූ හොඳම විසදුමකි.
මෙහි දී අදහස් දැක්වූ Prime EV Automobilesහි කළමනාකාරිත්වය සඳහන් කලේ,Deepal Smart App හඳුන්වා දීම මගින් තාක්ෂණික නවෝත්පාදනයක් පමණක් නොවන බවත්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ කේෂ්ත්‍රයේ තුල තිරසාර ප්‍රවාහනය, ස්ථාවර තාක්ෂණික හා ඩිජිටල් පරිවර්තනයක් සඳහා දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය සඳහා වූ පුළුල් දැක්මක් නිරූපණය කරන බවයි.
මෙහිදී Changan Global නියෝජිතයා අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ වර්ධනය වන EV වෙළඳපොළ පිළිබඳ තම විශ්වාසය තහවුරු කරමින්, ප්‍රධාන උපායමාර්ගික හවුල්කරු ලෙස Prime EV Automobilesහී වැදගත්කම අවධාරණය කළ අතර ශ්‍රී ලංකාව ඇතුළු සියලු වෙළඳපොලවල් සඳහා එකම ගෝලීය තාක්ෂණික ප්‍රමිතියකට යටත්ව මෙම පහසුකම් ලබා දීමට Changan ආයතනය කැපවී කටයුතු කරන බවයි.
මෙම හඳුන්වාදීම Changan Global සහ Prime EV Automobiles අතර ඇති සහයෝගීතාවය තවත් ශක්තිමත් කරමින් අනාගත නවොත්පාදන සහ උසස් ඩිජිටල් ඒකාබද්ධතාවයක් සහ ශ්‍රී ලංකාවේ EV නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වේ.

