July 27, 2024
DB Automation අනාගතය ඉලක්ක කළ බම්බලපිටිය ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
පුවත්

DB Automation අනාගතය ඉලක්ක කළ බම්බලපිටිය ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Jan 22, 2024

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විවෘත කළ තාක්ෂණික පාරාදීසය

DB Automation නවතම ශාඛාව සහ Zebra පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානය පසුගියදා බම්බලපිටියේදී විවෘත කරන ලදී. උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සහභාගි විය. වසර විස්සකට වැඩි කාලයක් පුරා ලැබූ කර්මාන්ත අත්දැකීම් සමඟ විවෘත වූ මෙම ප්‍රදර්ශනාගාරය ආයතනික සහ තනි යන ඛාණ්ඩ දෙකටම අයත් පාරිභෝගිකයන්ට සේවා සැපයීමට හැකි වන ආකාරයෙන් සැළසුම් කර තිබීම සුවිශේෂ කරුණකි. හුදු පරිශ්‍රයක් වෙනුවට එය ප්‍රායෝගික බව සහ නව්‍යකරණය එකිනෙක හමු වන තාක්ෂණික පාරාදීසයක් ලෙස ක්‍රියා කරයි.

Zebra Technologies සමාගමේ නවතම නිෂ්පාදන සහ විසඳුම් සියල්ල මෙම ප්‍රදර්ශනාගාරයේ තිබේ. ඉතා නිවැරදි ප්‍රතිපල දෙන බාර් කෝඩ් ස්කෑනර්, බාර් කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, ජංගම මුද්‍රණ යන්ත්‍ර, බාධාවකින් තොරව සම්බන්ධතා පැවැත්විය හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති ජංගම පරිගණක සහ සිල්ලර, සැපයුම් හා ගබඩා කළමනාකරණය සඳහා වන පරිවර්තනීය RFID විසඳුම්  එම නිෂ්පාදන අතර වේ. තාක්ෂණය මූලික කරා ගත් නිෂ්පාදන අතර DB Automation විසින් ඇඟළුම්, ආහාර අපනයන, නිෂ්පාදන, මෙහෙයුම්, සුපිරි වෙළෙඳසල්, සෞඛ්‍යය සහ තවත් බොහෝ කර්මාන්ත සඳහා නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ ලේබල්ද මෙම ප්‍රදර්ශනාගාරයේ තිබේ. ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමෙන් ඔබ්බට ගොස් තාක්ෂණ සහ ස්වයංක්‍රියකරණ ක්ෂේත්‍රවල අභිවෘද්ධිය සඳහා නව දොරටු විවර කිරීමට මෙම අවස්ථාව උපකාර වේ. මෙම ප්‍රදර්ශනාගාරය වෙත පැමිණ නවීන තාක්ෂණයේ සහ නව්‍යකරණයේ සැබෑ අත්දැකීමක් විඳ ගැනීමට DB Automation ජනතාවට ඇරියුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *