September 2, 2026
CVU (සිරස් නාගරික සංවර්ධනය පිළිබඳ කවුන්සසිලය) කොළඹ සංසදය 2026
පුවත්

CVU (සිරස් නාගරික සංවර්ධනය පිළිබඳ කවුන්සසිලය) කොළඹ සංසදය 2026

Sep 2, 2026

CVU Colombo Forum 2026 යනු Council on Vertical Urbanism (CVU) විසින් සංවිධානය කරනු ලබන වෘත්තීය ක්ෂේත්‍ර සංසදයකි. මෙය එහි ශ්‍රී ලංකා රට නියෝජිත හා සභාපති ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ සංවිධානය කෙරේ. ඉංජිනේරු නිරෝධ ගුණදාස මහතා උප සභාපති ලෙසත්, ඉංජිනේරු යසස් ගුණවර්ධන මහතා ලේකම් ලෙසත්, ඉංජිනේරු රුවන් පෙදුරුහේවා මහතා භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කරති. මෙම සංසදය මඟින් වාස්තු විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ඉදිකිරීම් සහ නාගරික සංවර්ධනය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ වෘත්තතිකයන්, විශේෂඥයන්, විද්වතුන් සහ අනෙකුත්ත පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට එක්කරමින්, ගෝලීය අස්ථාවරත්වය පවතින වර්තමාන යුගයේ ඔරොත්තු දෙන සහ ආරක්ෂිත උස ගොඩනැගිලි සැලසුම් කිරීමේ අභියෝග හා අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව සලසයි.

CVU Colombo Forum 2026 යනු උස ගොඩනැගිලි, ඔරොත්තු දෙන නගර, ආරක්ෂාව, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ අනාගතයේ ඉදිකිරීම් පරිසරය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින අභියෝග සහ නව්‍ය ප්‍රවේෂයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ විශේෂඥයන්, විද්වතුන්, ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් සහ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් එකට එක්වන වෘත්තීය සංසදයකි.

මෙම සංසදය තුළ පහත මාතෘකා ආවරණය වන ප්‍රධාන දේශන මාලාවක් පැවැත්තීමට නියමිතය. ඔරොත්තු දෙන නගර (Resilient Cities), සැලසුම්කරණය තුළින් ආරක්ෂාව (Security by Design), ගොඩනැගිලි සඳහා පිපිරුම් ආරක්ෂණය (Blast Protection of Buildings), අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සඳහා මතුවෙමින් පවතින තේජන, ඔරොත්තතු දීමේ හැකියාව සහ වාසයට සුදුසුභාවය, උස ගොඩනැගිලි සඳහා සංයුක්ත වානේ-කොන්ක්‍රිට් වුහයන්.

“Design to Survive – Tall Buildings in an Age of Global Instability” යන තේමාව මඟින් වර්තමාන ලෝකයේ වර්ධනය වෙමින් පවතින ගෝලීය අවදානම් සහ අවිනිශ්චිචතතා සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකි වන පරිදි, ඔරොත්තු දෙන, ආරක්ෂිත, අනුවේතනය විය හැකි සහ ශක්තිමත් උස ගොඩනැගිලි හා නාගරික පරිසරයන් සැලසුම් කිරීමේ වැඩිවන වැදගත්කම අවධාරණය කරයි.

ඔරොත්තු දෙන නාගරික සැලසුම්කරණය, ආරක්ෂාව මූලික කරගත්ත සැලසුම්කරණය, නවීන ව්‍යුහාත්මක පද්ධති සහ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා වූ නව්‍ය ප්‍රවේශයන් හරහා ඉදිකිරීම් පරිසරයට මතුවෙමින් පවතින තර්ජන හා අභියෝගවලට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම සහ වෘත්තීය සංවාදයක් ඇති කිරීමට මෙම සංසදය වේදිකාවක් සපයයි.

CVU Colombo Forum 2026 යනු කර්මාන්ත ක්‍ෂේත්‍රයේ වෘත්තීකයන් සහ විශේෂඥයන් අතර දැනුම හුවමාරු කරගැනීමට, නව්‍ය අදහස් බෙදාගැනීමට සහ වර්තමාන ලෝකයේ වැඩිවෙමින් පවතින අවිනිශ්චිතතා මධ්‍යයේ වඩාත් ආරක්ෂිත, ඔරොත්තු දෙන සහ අනාගතයට සූදානම් උස ගොඩනැගිලි සහ නගර නිර්මාණය කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රවේශයන් ගවේෂණය කිරීමට වැදගත් වේදිකාවක් සපයනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close