June 2, 2026
කොමර්ෂල් බැංකුවේ නවීකරණය කළ ඩිජිටල් වේදිකාවෙන් ගිණුම් ආරම්භ කිරීම තවදුරටත් පහසුවෙයි
පුවත්

කොමර්ෂල් බැංකුවේ නවීකරණය කළ ඩිජිටල් වේදිකාවෙන් ගිණුම් ආරම්භ කිරීම තවදුරටත් පහසුවෙයි

Jun 1, 2026

ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත.

නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් ඉතා පහසුවෙන් ඉතිරිකිරීමේ ගිණුම් ක්ෂණිකව විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, සජීවී වීඩියෝ මගින් අනන්‍යතාව තහවුරු කිරීම සහ ස්වයංක්‍රීය නියාමන පරීක්ෂණ ක්‍රියාවලිය හරහා ආරක්ෂිත ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ අත්දැකීම මෙමගින් ලබා දෙයි.

හරිත බැංකුකරණ ඉලක්ක සඳහා සහාය වන කඩදාසි භාවිතය මත පදනම් වූ ක්‍රියාවලි අවම කරමින් බැංකුකරණය සඳහා වඩාත් පාරිසරික වශයෙන් වගකිවයුතු ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරන අතරම බැංකුව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, මෙන්ම ඉක්මන් බැංකුකරණ අත්දැකීමක් ලබා දෙන බව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ මහතා පැවසීය. ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ආරක්ෂිතව ප්‍රවේශ විය හැකි, වඩාත් කාර්යක්ෂම සහ නම්‍යශීලී ගිණුම් විවෘත කිරීමේ අත්දැකීමක් ලබා දීමෙන් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සඳහා මෙම මුලපිරීම් සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

තවද, නව විශේෂාංග සහ වැඩිදියුණු කළ හැකියාවන් සමඟ මෙම වේදිකාව අඛණ්ඩව සංවර්ධනය කරමින් අනාගතයට ගැලපෙන්නා වූ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සහ ඩිජිටල් බැංකුකරණ පහසුව සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීම නැවත තහවුරු කරන බව බැංකුව ප්‍රකාශ කළේය.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close