ශ්‍රී ලංකා මහ බැංකුවේ “Pay Digital දඹුල්ල” වැඩසටහනෙහි කොමර්ෂල් බැංකුව QR නවෝත්පාදනය ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) දීප ව්‍යාප්ත QR ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීමක් වන Pay Digital දඹුල්ල ප්‍රවර්ධන වැඩසටහනේ දී QR – පාදක මූල්‍ය ගනුදෙනු ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය නැවත තහවුරු කළේය.
ශ්‍රී ලංකාවේ කාර්යබහුලම ආර්ථික මධ්‍යස්ථානවලින් එකක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහන ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයන් හි මුදල් රහිත ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂි සන්ධිස්ථානයක් විය. දීප ව්‍යාප්තව වෙළඳුන් සහ ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගනු ලබන ඉහළ පරිමාණයේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දඹුල්ලේ වැදගත්කම හඳුනා ගනිමින් වැඩසටහනට පෙර කොමර්ෂල් බැංකුව ප්‍රදේශයේ ක්‍රියාකාරකම් මාලාවක් දියත් කළේය.
මෙම මූලික කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස දඹුල්ලේ බොහෝ වෙළඳුන් LANKAQR, Visa QR, MasterCard QR, UnionPay QR, WeChat Pay QR, Alipay QR සහ ඉන්දියාවේ UPI QR, හරහා බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීමට දැනුවත් කළ අතර එමඟින් වඩාත් පුළුල් ලෙස QR භාවිත කිරීමේ හැකියාවන් ශක්තිමත් කරන ලදී. QR භාවිතය තවදුරටත් දිරිමත් කිරීම සහ ඩිජිටල් ගෙවීම් පද්ධති කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන අතරතුර කොමර්ෂල් බැංකුව විසින් 25% දක්වා පාරිභෝගික වට්ටම් සහ වෙළඳ ප්‍රතිලාභ වැනි සුවිශේෂී දීමනා හදුන්වා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වූ අතර මහ බැංකුවෙ හි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාත්‍යන්තර ගෙවීම් ජාලයන් හි නියෝජිතයින් සහ මූල්‍ය අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
“මෙම ජාතික මුලපිරීමේදී මහ බැංකුව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ආඩම්බර වන්නෙමු,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු සීවලි වික්‍රමසිංහ මහතා පැවසීය. “ඩිජිටල් නවෝත්පාදනයෙන් අප බැංකුව සැමවිටම ඉදිරියෙන්ම සිටින අතර, බාධාවකින් තොරව QR විසඳුම් සමඟ වෙළඳුන් සහ ගනුදෙනුකරුවන් සවිබලගැන්වීම ශ්‍රී ලංකාවේ මුදල් රහිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා මූලික වන බව අප විශ්වාස කරන්නෙමු.”
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපලෙහි බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ මෙරට සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.